
(අංජුල මහික වීරරත්න )
දරුවන්ට හිමි ළමා කාලය නැවත දරුවන්ට ලබා දීම තම පුනරුද යුගයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් පවසයි.
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වැනි අගතිගාමී වැඩ වලින් දරුවන් මුදා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙසේ ද කියයි.
මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.
එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි.
කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.
ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට අපි සැම වගවෙමු යැයිද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත සහ කල යුතුම දෙයක්. මේ ක්‍රමය නිසා ළමුන් බොහොමයක් මානසිකව පීඩා විඳිනවා.
මේ වගේ සුරංගනා කතා අපි කොච්චරනම් අහල තියෙනවද? ඡන්දෙන් ලඟයිනේ
ඉතා හොඳ පණිවිඩයක් ළමයින්ට ළමා කාලය නැවත ලබා දෙන්න අධික විභාග පීඩනය අඩු කරන්න
උදේ වරුවේ ටියුෂන් තහනම් කිරීමෙන් සහ විෂය ධාරා සහ විෂය මාලාව සංශෝධනය වගේම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් බැහැර වීම ඉතා වැදගත් කොට සළකමි...
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ටියුෂන් නතර කළ යුතුයි...!