IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන් ආරම්භ කිරීමට සූදානම් බවත් ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.

හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ මීළඟ අදියර ඉක්මණින් ආරම්භ වීමට නියමිතයි යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝවි ගැලට් පැහැදිලි කර ඇත්තේ උතුරු ඊශ්‍රායලයේ පළාත් පාලන නිලධාරීන් හමුවෙමිනි. 

ඊශ්‍රායලය ලෙබනනයට මායිම් වන්නේ උතුරු දෙසිනි. මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බලඇණි ගොඩබිම් ප්‍රහාරයකට සුදානමින් සීරුවෙන් සිටින බව ද වාර්තා වේ.

මේ අතර ගතවුණු පැය 24 ක කාලයේ, ඊශ්‍රායල ගුවන් හමුදා ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියන් 136 දෙනකු මියගිය බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව මියගිය පිරිස අතරේ, පලස්තීන හමාස් සංවිධානයේ ලෙබනන් නායකයන් තිදෙනකු ද සිටින බව මේ වනවිට තහවුරු වී ඇත.

නොකඩවා එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයට යෑමෙන් වළකින්නැයි රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදී රටවල් ලෙබනනයේ සිටින තම වැසියන් කඩිනමින් ගෙන්වා ගැනීමට ද කටයුතු කර තිබේ. ගුවන් යානා බොහොමයක් මේ වනවිට ලෙබනනයට යෑම නවතා දමා ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 131 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 595 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1020 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site