
(කැලුම් බණ්ඩාර)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය රජය මුල් අවස්ථාවේදී සැලැසුම් කර තිබිණි. නමුත් පසුව එවකට සිටි කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ගත් තීරණය වෙනස් කළ බවය.
කෙසේ නමුත් මෙරට සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශේෂ කාර්ය භාර්යයක් කළ හැකි බැවින් එම ගුවන් සේවය රජය යටතේ පැවැතිය යුතු බවට ජාතික ජන බලවේග රජය විශ්වාස කරන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දමනවා වෙනුවට එහි කළමණාකාරීත්වය තවත් වැඩි දියුණු කළ හැකි ආකාරයක් සොයා බැලීමට ජාතික ජන බලවේග රජය කටයුතු කරන බවද මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසුවේය.
පුද්ගලික ආයෝජකයෙකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය එකඟ විය. අවම වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය සියයට 51 ක කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට හුරේ දාන්න බෑ .වැඩපිළිවෙලක් ඇතුව මේවා කරනවානම් හොදයි .නැත්නම් රට තමයි තව තවත් වලපල්ලට යන්නේ
නරකම තීරණවල ප්‍රතිවිපාකවලට අපට මුහුණ දීමට සිදු වේ
ඕක නම් වහාම විකුණා දැමියයුතු කුණු ගොඩක් , ඕකේ වැඩකරන සේවිකාවෝ ඔකේ යන ශ්‍රී ලාංකිකයන්ට හරියට සලකන්නේ නැහැ , එම නිසා යුරෝපේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඔකේ එන්නේ නැහැ , ඕකෙන් සංචාරක ශේත්රයට වෙන සුගතියක් නැහැ , එමිරේට්ස් මගින් පාලනය කරන කලේ ලාභ ලැබුනත් , මහින්ද ඕක නැවත රජයේ පාලනයට ගනිපු 2008 සිට ඕකෙන් සිදුවුණා පාඩුව රුපියල් කොටි 38000 පමණ , එම මුදල් ලංගමට බස් ගෙන්වන්න සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය අඩුපාඩු ගෙන්වන්න යෙදෙවුව නම් , අපේ පොදු ප්‍රවාහන ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසදන්න පුළුවන් කම තිබුන , දුප්පත් අපේ බදු සල්ලි වලින් තවදුරටත් මෙවැනි සුදු අලියෙක් නඩත්තු කරන්න ඕනෙද ? මදක් සිතන්න , රාත්‍රී 8 පස්සේ පුද්ගලික බස් ධාවනය නොවෙන නිසා හොඳ ලංගම බස් සේවයක් අවශ්‍ය බව කියන කට්ටිය ලයික් එකක් දමන්න
තව මාස 6 කින් කියයිද දන්නේ නෑ අදානි යාළුවාට කළමණාකාරීත්වය බාර දුන්නා කියලා. මෙයාලගේ වචන, වාක්‍ය අපි දන්නවනේ.
ලෝකෙම පිළිගන්න ගුවන් සේවයක්, මේක විකුණනවාට වඩා යහපත් හොඳ කලමනාකරණයක් කරලා සත පහක හෝ ලාභයක් ගන්න එක, ඔබගේ රජයේ සමත්කම පෙන්වීමට හොඳ අවස්ථාවක්, ජයවේවා...!
රටේ සම්පත් කුණු කොල්ලයට විකුණලා එදා වේල හොයාගෙන කන්නයි ඒකෙන් කොමිස් ගහලා සාක්කු පුරෝගන්නයි නම් ආණ්ඩු මොකටද, රටේ සම්පත් කළමනාකරණය කරලා අනාගත පරපුරට ඉතිරි කරල දෙන එක තමයි ආණ්ඩුව කරන්න ඕනේ.
රාජ්‍ය දේපොළ විකුණාගෙන එදා වේල හොයාගෙන කන්නයි. ඒකෙන් කොමිස් ගහන්නයි නම් ආණ්ඩු මොකටද ? රටේ සම්පත් මැනවින් කළමනාකරණ කරලා අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරන්න තමයි ආණ්ඩුවක් උවමනා. ඒ නිසා රටට නිවැරැදි නායකත්වය දෙන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩූවක සූදානම් බව තමයි මේ පෙන්වන්නේ.
මමත් මාලිමාවට ඡන්දය දුන් කෙනෙක්. ඒ වසර 76ක් තිස්සේ රට වෙලා ගත් දූෂිත පවුල් පාලනයට එරෙහිව. මාලිමාවට මේ පාර ලැබුණු 42% න් 39ක්ම එහෙම ඡන්ද... ඒ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ සුදුඅලි නඩත්තු කරන්න. රජය කිසිවිටක ව්‍යාපාර නොකළ යුතුයි. (අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය සඳහා පිහිටුවා ඇති සමූපකාර, සතොස ආදිය හැර). අපි එරෙහි වුනේ කුණු කොල්ලෙට රාජ්‍ය සම්පත් විකුණා දැමීමට මිස පුද්ගලීකරණයට නොවේ. අපිට මතකයි හියුගෝ චාවේස් ව්‍යාපාර ජනසතු කරනාවිට ජනතාව හුරේ දාපු හැටි. නමුත් අද වෙනිසියුලාවට වෙලා තියෙන්නේ මොකද්ද?
කොමිස් මුදල් ඉල්ලන්නේ නැති එමිරේට්ස් සමාගම නැවත ගනීවි. එම කාලයේ ගුවන් සමාගම ඉතා හොඳින් ක්‍රියාත්මක උනා. අබලන් ගොඩනැගිලි සියල්ල අලුත් වැඩියා උනා
දැන් අසනීපෙ නිට්ටාවට සුවයි. තව අවුරුදු පහක් මහජන බදු මුදල් වලින් හරි බැංකු නය වලින් හරි දුවන්න පුළුවන්. බලන් ඉද්දි පොහොසත් රටක් හැදෙයි
මඩ සෝදා ගත් කල ගොවියා රජකමටද සුදුසු වේලු
කලින් නම් කිව්වේ මේ සුදු අලියා විකුණමු නැත්නම් වහල දාමු කියලා. දැන් පදේ වෙනස් වෙලා තියෙන්නෙ ඇයි?
වැටීමේ පළමුවන සලකුණ. අනවබෝධයෙන් රාජ්‍ය අවදානම් ක්ෂේත්‍රය සමග සෙල්ලම් කිරීම , රටම අවධානමකට ඇද දමයි. හොඳින් බලා ඉමු.
අනුරයාගේ පුතා ශ්‍රිලංකාවේ ඉන්නේ
ප්ලේන් එකක් දැකලවත් නැති මිනිස්සු ණය ගෙවන රටක්, තව අවුරුදු 5ක් ආණ්ඩුව ගානේ දුවල රටටත් කෙලවන වැඩක් තමයි මේක
අනුර ඔය වෘත්තීය සමිති කාරයන්ගේ ලනු කාලා ඔය වැඩේ කරන්න එපා ඔබ අමාරුවේ වැටෙනවා , ඔකේ පාඩුව වසරකට රුපියල් කෝටි 2000 පමණ වෙනවා , හොඳම වැඩේ ඕක කොටස් වෙළදපලේ විකුණලා දමන එක, එතකොට කැමති පුරවැසියකුට කොටස් මිලදී ගන්න පුළුවන්, රජය සහ භාණ්ඩාගාරය ඔය වගකීමෙන් නිදහස් වෙනවා , දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඔය සුදු අලි නඩත්තු කරනවට රටේ බහුතරයකගේ ප්‍රසාදයක් නැහැ . ජිවිතේට ගුවන්තොටුපළකට පය නොගහපු පුරවසියත් වක්‍රාකාරව බදු ගෙවනවා ,
ඉස්සර මිනිස්සු ශ්‍රී ලන්කන් එකට කිව්වේ ජාත්‍යන්තරයට අපේ "සුහදත්වය ගෙන යන තානාපති " " ටෙස්ට් ඔෆ් පරඩ්ඉස් (පරදිසේ රසය) කියලා, මහින්දගේ මස්සිනා ඕකේ පාලනේ භාර අරන් ගුවන් සේවිකාවෝ අඹුකමට ගන්න පටන් ගත්තාට පස්සේ ඕකේ යන මගීන්ට, ඕකේ ගුවන් සේවිකාවන්ගේ ගෙම්බර් බලන්නත්, පාරාදීසේ රසේ කෙසේවෙතත් බල්ලෙක් වත් කන්නේ නැති කෑම කන්නත් සිදු වුණාම, මිනිස්සු ඕකේ යන එක අතැරලා දැම්මා.., ඕක හදන්න නම් ඔය වුර්තිය සමිති කාරයෝ සහ සේවක මණ්ඩලය සම්පුර්ණයෙන්ම අස්කරලා දමලා, එමිරේට් කටාර් ගුවන් සේවය කරනවා වගේ 90% පමණ විවිධ රටවල් වලින් විවිධ භාෂා කතාකරන අලුත් විදේශ සේවක මණ්ඩලයක් බඳවාගෙන, එමිරේට්ස් එකේ පීටර් හිල් වැනි දක්ෂ කලමනාකාරයෙක් යටතේ ඉදිරියට යන්න ඕනේ , මෙවැනි වැඩක් කීයටවත් ලංකාවේ සිදු වෙන්නේ නැහැ , එක නිසා ඕක විකුණලා දමන එක නුවණට හුරුයි.
සමහරක් කිසිඳු අවබෝධයකින් තොරව අදහස් පලකොට ඇති බව තමයි පේන්නේ.. පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය ඩොලර් මිලියන 510ක ණය රජයට පවරාගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියයට 51ක කොටස් විකුණා දැමීමට තීරණය කොට තිබුණා... එවිට එම ඩොලර් මිලියන 510 යේ ණය බර තනිකරම මේ රටේ ජනතාව මත පැටවෙනවා නේද.? හොරුන්ගේ ග්‍රහණයේ පැවැති ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඩුතරමේ එක වසරක්වත් හැරිහැටි මෙහෙයවීමෙන් හොරුන් හොරා කෑ ප්‍රමාණයවත් අපට ගණන් බලා ගැනීමට හැකිවේවි... නිසි කළමනාකරණයක් හෝ සුදුසුකම් සම්පුර්ණ කාර්ය මණ්ඩලයක් නොසිටීම හේතුකොට ගෙන මේ ආයතනය කඩා වැටුණු බව රහසක් නොවෙයි.. තියන දේ විකුණාගෙන කනකාපාලුවෝ නොවී, තියන දෙයින් ලාභ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරමු...
මෙතැන අදහස් දක්වන හැමෝම කියන්නේ මේක සුදු අලියෙක්. විකුණුවේ නැත්නම් මිනිස්සුන්ට බරක් වගේ කථා.. හරි.. විකුණුවා කියමුකෝ. දැන් මේක හද්ද පාඩු ලබන එකක් නම්, පෞද්ගලික ආයතනයක් මේක අරගන්නේ ඇයි? අරගෙන මොනවාද කරන්නේ..? ශ්‍රී ලන්කන් එකෙන් කාටවත් නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙනවාද? නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කරනවාද? නෑ. මේකෙන් එන සල්ලි කාබාසිනියා කරන වැඩ සහ මිනිස්සු ඉන්නවා. රජයට කොන්දක් තියෙන්න ඕනෑ අයව එලවලා දාලා වැඩ කරන්න. අපිට පඩියට කීයක් හරි අවුරුද්දට වැඩිවෙන්නේ සමාගමේ ඉලක්ක සපුරාලීමට දෙන දායකත්වය අනුව. මේවායේ ඉන්න අයට එව්වා නැද්ද? විකාර...!
හොඳ කළමනාකරණයක් යටතේ ඕක ගොඩගන්න අමාරු නෑ...
අනුර ජාතික සම්පත් නොවිකුනන පොරොන්දුව නිසා මෙය කියන්න ඇති.ඒත් රටේ ප්‍ර්‍ර්‍රායෝගික යතාර්තය ඔබ තෙරුම්ගත යුතුයි.එක එයාක්‍රාෆ්ට් එකකට ස්ටාෆ් 236ක් ඉන්නව.ණය බර ආයතනයට විතරක් නෙවෙයි රටටත් බර වැඩියි.ආර්ථික ප්‍රස්න ගොන්නක හිරවෙලා මිරිකෙමින් ඉන්න මේ රට කල යුතු හොදම දේ මෙය 51% කොටසක් ව්කිනිම.ගැලරිය පිනවීම පිණිස මෙවන් තීරණ ගැනීම දිගුකාලීන ප්‍රස්නවලට හේතුවක්.රජයක් බිස්නස් කල යුතු නැ.දියුනු රටවල් කිසිවෙක් බිස්නස් කරන්නෙ නෑ.ටැක්ස් එකක් ගත යුත්තෙ. රාජ්‍ය සම්පත් රටට බරක් නම් තවත් තියාගෙන හිගකන්නෙ මොකටද.මේ නිසා අනුර කලයුතු ගැලරියට නොදන්න මගුල් නොකිය ඉන්න කියල ප්‍රායෝගිකව හිතල තීරණ ගන්න එකයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් කළ දේශපාලකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනාශයට වග කිව යුතුය. සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පුනර්ජීවනය කිරීමේ පිරිවැය දරන්නේ නැත. මෙම ගුවන් සේවය නැවත පණ ගැන්වීමේ වියදම දේශපාලකයන්ට සහ දූෂිත ගෝලබාලයන්ට දැරිය යුතුය.
රනිල්ට තව කොටයක් අදින්න වෙයි වගේ
ගරු ජනාධිපතිතුමනි, රත්තරන් කියා පිහියෙන් ඇණගැනීම සුදුසු නොවේ...!
ළඟ ළඟ ඇනකොන්ඩා ! ඔහොම යන් ! ගෝටා ගෝ හෝම් 2 !
කවදාවත් ප්ලේන් එකක ගිහින් නැති තඹුත්තේගම අනුරගේ අම්මා කඩේට පාන් ගන්න ගිහිල්ලා ගෙවන සල්ලි වලිනුත් මේකේ ණය ගෙවන බව අමතක කරන්න එපා...!
ශ්‍රී ලන්කන් සමාගමේ සාරය උරාබොන මැක්කෙක් වගේ එල්ලිලා ඉන්න ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ නිලධාරින්ව රාජකාරි සඳහා යොමු කරන්න. එම සමිතියේ ඉන්නවා වයස70ට කිට්ටු උපදේශකයෙක්, කිසිදා විශ්‍රාම නොයන අයෙක්. සමාගමේ සේවකයින්ගේ මුදලින් යැපෙන හිඟන්නෙක් ඒ මිනිහව වහාම ගෙදර යවන්න...
ශ්‍රී ලන්කන් එක විකිණීම නැවැත්තුවේ රනිල්ගේ පාලන සමයේ බව ජනපති අනුර කුමාර ඇතුළු බොහෝ දෙනෙකුට දැනටම අමතක වෙලා වගේ... ඒක හොඳ දෙයක් නෙවෙයි.!