
(අංජුල මහික වීරරත්න)
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි යන උද්‍යානයන් සදහා වයස අවූරදු 12 න් පහල සියලු ළමුන්ට නොමිලයේ ඇතුල්වීමට පහසුකම් සලසා තිබේ.
සෑම දරුවෙකුටම - සෑම අයිතියක්” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය සංවිධානය කර තිබේ.
සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සඳහා සත්වෝද්‍යානයට ඇතුල් වීමේ දී තම මුහුණු සතුන්ගේ හැඩතල සහිතව වර්ණ ගන්වා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ සඳහා මුහුණු වර්ණ ගැන්වීමේ වැඩසටහනක් ප්‍රවේශ පත්‍ර කවුළුව ආශ්‍රිතව පැවැත්වීමට සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිව්ස්වල දැක්කනෙ සත්තුවත්ත විසිරෙව්වා කියල....!
ළමයින්ට සත්තු බලන්න ඕනේ නම් ජනාධිපති කාර්යාලයට යන්න වෙයි...! සැප්තැම්බර් 21න් පස්සේ ඔක්කෝම සත්තු ඉන්නේ එහේ...!