IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

කේ බුද්ධික කුමාරසිරි, ගයාන් සූරියආරච්චි සහ එච්.එස් ඒ නන්දන

හංවැල්ල වග නෙළුවත්තුඩුව ප්‍රදේශයේ තම නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී සිටි ව්‍යාපාරිකයකුට කිසිවෙකු විසින් අද (30) රාත්‍රි වෙඩි තබා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හංවැල්ල නෙළුවත් උඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්.ඩී. වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි රථ වාහන අමතර කොටස් වෙළඳාමේ නිරත වූ ව්‍යාපාරිකයෙකි

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බව අවිස්සාවිල්ල මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය

මෙම ව්‍යාපාරිකයාට වර්ෂ 2021 දී පාතාල ක්‍රියාකාරියෙකු විසින් ඉල්ලූ කප්පම් මුදලක් ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි තැබීමක් සිදුවූ අතර එහිදී ඔහුට ජීවිතය බේරා ගැනීමට හැකි විය

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී

හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site