
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (30) පැවසීය.
නීතිඥ සාගර කාරියවසම් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
පක්‍ෂය පාවාදුන් පිරිස පත්ව ඇති තත්වය පිළිබඳව දැනුවත්ව සිටින බවත් ජනතාව කියනවා නම් සැලුන්දොර තවදුරටත් විවෘතව නොතබන බව මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂය පාවාදී ගිය කොටසක් වගේම 2022 වසරේම වෙනත් මතයක් දරා ගිය කොසකුත් සිටින බව කී කාරියවසම් මහතා අවසානය මොහොතේ පක්ෂය පාවාදිලා ගිය පිරිස ඇතුළුව කිසිම ආකාරයකින් පක්ෂය පාවාදිලා ගිය පිරිස පක්‍ෂයට නොගන්නා බව ද සදඟන් කළේය.
සන්ධානගතවීම සඳහා ආරාධනා ලැබුණත් සන්ධානගත වන්නේ නම් සන්ධානගත වෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති සමඟ එකගවෙන පක්ෂ සමඟ පමණක් බවත් ඒ මහතා කීය.
සන්ධානගත වීමට සූදානම් වන පක්ෂ රටේ ඒකීයභාවය පිළිගන්නා පක්ෂ නොව ඔවුන් වෙනත් මතවාද දරණ පක්ෂ බව කී ඒ මහතා පසුගිය කාලයේ එම පක්‍ෂයේ නායකයින්ට කළ බොරු චෝදනා රටේ ජනතාව විශ්වාස කිරීම මෙම පසුබෑමට හේතුව බව ද ඒ මහතා කීය.
වර්තමාන ආණ්ඩුව කළ බොරු චෝදනා සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් එම චෝදනා ඔප්පු කිරීමට නොහැක වුවහොත් ජනතාව නැවත පොදුජන පෙරමුණ සමඟ එකතු වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය එවුන්ට නාමලයා එන්න කියනවා මෙයා එන්න දෙන්නේ නැහැ කියනවා .හොඳටම අවුල් නේ
අවුලක් නැහැ. ඕකට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති නිසා කවුරුවත් නාමයෝජනා ගන්න එන එකකුත් නැහැ.
මේ පුද්ගලයා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි .මේ කණ්ඩායම් මංකොල්ලකරුවන්, දූෂිතයින්
පොහොට්ටු දේශපාලන නොපිළිගත්ත ඔබ සෘජුව ක්‍රියා කිරීම හොඳයි..., ඔය පැන්න අය සිටියා කියලා පොහොට්ටුවට ලැබුණු ඡන්ද වැඩි වෙන්නේ නැහැ. ඊළඟට ඔවුන් කිසිම තැනකට වැද්ද ගන්නේ නැහැ. කොටසකට හිරබත් කන්නම වෙනවා...!
කාටද කාලකන්නියෝ තොපේ නම යෝජනා වැදගත් වෙන්නේ නෑ ? 2.5% ළඟදීම 0.25% ට බසී
ලොකු දෙයක්. පැනපු ගෙම්බන්ව නම් ආපහු ගන්න එපා. ගිය තැනම ඉන්න කියන්න. කොහෙන් හරි හොරා කන්න පාරක් හොයන්නෙ. පේනවනේ දිලුම් අමුණුගම ආයිමත් පැන්න හැටි. දැන්වත් ඔය සැලුන් දොර වහන්න. ඔය කට්ටියගේ කතා මතක නම් ආපහු මුන බලන්න එපා. ඔවුන්ව ආපහු ගන්න ගියොත් තියෙන ඡන්ද ටිකත් නැතුව යාවි.
මොකද්ද බන් ඕක පක්ෂයක්ද