(ආරියරත්න රණබාහු)
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රැසක් පැවැත්වේ.
ඒ අනුවඅද පෙරවරු දහයට එම් ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රකාශන ලෙස ළමා පොත් රැසක් එළිදැක්වෙන අතර දහවල් 12.00සිට පස්වරු 2.00 දක්වා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ප්‍රසංගයක්ද පස්වරු 2.15සිට3.15දක්වා සුසර ප්‍රකාශකයින්ගේ ස්ටෝරි ටෙලින් (Story Telling )වැඩසටහනද පස්වරු 3.30සිට 4,30දක්වා සරසවි ප්‍රකාශනයක් වන ඇතිපොළ මංගල හිමියන්ගේ ප්ලම් මල් සුවඳ කවි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය ද පැවැත්වේ.
ඊට අමතරව පස්වරු 4.30 සිට5.30 දක්වා සංස්කෘතික දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන රූකඩ ප්‍රසංගය පැවැත්වෙන අතරපස්වරු 6.00ට සංගීත ප්‍රසංගය ආරම්භ කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd