
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (30)පස්වරුවේ රැස්විය.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වුණු පළමු කැබිනට් රැස්වීම මෙයයි.
එම කැබිනට් තීරණය අනුව ඉදිරියේදී අදාළ කමිටුව පත්කොට ඒ සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිඥාවකට අනුව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කෙරුණු අතර එම වාහන බලපත්‍රයේ වටිනාකම ඇමරිකා ඩොලර් 55000කට ආසන්න විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වර්තමාන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම ක්‍රීයාත්මක වන පරිදි මංත්‍රීවරැනට, ජනාධිපතිවරයාටත් හිටපු මංතුීවරැ සහ හිටපු ජනාධිපතිවරැ සහ හිටපු ජනාධිපති බිරින්දැවරියන්ටත් මෙි රටෙි අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන සියලු වරප්ප්‍රසාද වහා අහෝසි කළ යුතුමයි.එපමණක් නොවඔවුන්ගේවත්කමි සොයා ඒවා සොයා ගත් ආකාරය රටෙි ජනතාවට දැන ගැනිම පිණිස සියලු දත්ත රටට හෙළිකල යුතුය ඇත.විශ්‍රාම වැටුප් ඉන්න අයටත් හිටපු අයටත් එය බලාත්මක කලයුතුයි
මැති ඇමතිවරුන්ට මින් ඉදිරියට වාහන බලපත්‍ර දෙන්න එපා. රාජකාරි කටයුතු සදහා පොලිසියට තිබෙන වර්ගයේ බෝලේරෝ ජීප් එක රියදුරු සමඟ දෙන්න. මේවා ලංකාවේ තිබෙන ඕනෙම පාරකට ගැලපෙන අතර නඩත්තු වියදමත් අවම වෙනවා . තනතුර අවසන්වුනහම එක භාරදීලා යන්න කියන්න. විශ්‍රාම වැටුප වශයෙන් සේවය කරන කාලේ දී වැටුපට සරිලන ලෙස රජය මඟින් ,EPF / ETF ගෙවන්න එතකොට අසාධාරණයක් වෙන්නේ නැහැ ,
කමිටුවක් ඕනේද? ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔය ගැන කියල තිබුණා වාගේ මතකයි.
වැඩකට නැති රට කාපු විශ්‍රාමික ජනාධිපතිවරු බලාගන්න එක වගේම ඔවුන්ව නඩත්තු කරන එකත් මේ සමගම අහෝසි කරන්න කටයුතු කරන්න.
කලින් කියපු විදිහට ඒවා කරන්න. කමිටු දාලා වැඩේ දියාරු නොකර.
අන්තර්ජාලය තුල දැකිය හැකි වීඩියෝ දෙස නැවත හැරී බලන්න .සිල්බර කොටන් නැවත සකස් කර පීලි පැනීම වලක්වා ගමු නේද ?