(ජේ.ඉඳුරුවගේ )
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි .
මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා මේක කරන්නේ නිකමට කියලා බලනකොට තේරුමක් තියන දෙයක් නේද?
සන්නද්ධ හමුදා කැඳවන්න තරම් අවුලක් අපට නම් පේන්න නැහැ .
රනිල්ගේ කෙරුව විකාර වැඩ කරන්න එපා !