
(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවෙි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබෙි.
ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.
ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ජපාන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාල ගෙවීම් සිදු කිරීම ද ජපාන ව්‍යාපෘති වැඩසටහනට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ජපාන තානාපතිවරයා කීය
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි අනුර සහෝදරයා
මෙව්වා අනුරලා කරන්න කිව්වා කියලා විස්වාස කරන වාහෙලා ඉන්න රටක්නෙ මේක.
මැක්ස්, මොකද ඉංග්‍රීසි බැරි මිනිහ කොහොම හරි ගේම ගහනවා නේද? මේ ටිකම ඇති අනුර ලබන ඡන්දෙ දිනන්න.
චාමරට කටු පිටින් කොහිල අලයක් බහිනවා වගේද?
අනුර සහෝදරයා බලයට ආවොත් මේ මුළු රටම ලේ විලක් වෙනවා කියපු පරයෝ ටික කෝ දැන්..?
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට මොකද වෙන්නෙ?
ජපානය කියන්නේ අපේ දීර්ඝ කාලීන මිතුරෙක්, මේ රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් නිසි ලෙස උපකාර ගන්න තරම් සූර හා බුද්ධිමත් පාලනයක් ඊයේ වනතුරු ලංකාවේ බිහි උනේ නැහැ.
අනුර හැර වෙන පාලකයෙක් ආව නම් මේවා කෙරෙනවද? වංචාව සහ දූෂණය යට සිතේ තබාගෙන එන අයට රටහදන්න බැහැ. ලංකාවේ බිහිවූ සුපිරිම ආණ්ඩු පක්ෂය ඉදිරි මැතිවරණයේදි බලයට පත්ව ඉතාම විනයගරුක රටක් බිහිවෙනවා නොඅනුමානයි. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගසා, කතානායක පුටුව පෙරලා වතුර හලා මයික් කඩා හූ කියා එන පරම්පරාවේ උන් සහ උන්ගේ පක්ෂ වලින් සහ එහෙට මෙහෙට පනින උන් සිටින පක්ෂ ලබන ඡන්දෙන් අතුගාල දාමු.
චාමර, මිනිස්සු මෝඩයෝ නෙමෙයි. කවුරුත් කියන්නේ නැහැ මේවා අනුරලා පටන් ගත්ත කියලා. හැබැයි මේ ව්‍යාපෘති ජපානය බාගෙට නතර කලේ පහුගිය කාලේ රට කඩා වැටුණු නිසා. ආයේ පටන් ගන්න කල් ගත්තේ ඔය හිටපු නායකයෝ ගැන විශ්වාස කරන්න බැරි හින්දා. මොකද අපේ රටේ සමහර මෝඩ මිනිස්සු ඔය හිටපු නායකයෝ ගැන මහා ඉහළින් කතා කලාට ජපානය වගේ රටවල් දන්නවා ඔවුන් හරිම දුෂිත පිරිසක් කියලා. මතකනේ අර මහලු දේශපාලකයෙක් ගුවන් තොටුපල ඉදිකිරීමකට පගාව ගන්න හදපු කතන්දරේ.
අනුර කරපු මගුලක් නෑ. රනිල් නයබරෙන් රට ගොඩදාපු නිසයි ආයෙත් මේ ව්‍යාපෘති පටන් ගත්තේ. අනුන් කරපු දේවල් වලින් ලකුණු දාගන්න හදන එක කැතයි.
කිසිම දැනුමක් නැති, ගොබ්බ යාචක හැත්ත ගොඩක් ඉන්නවා නේද..? රටේ හොරකම අඩුවෙලා.. දියුණු වෙන එකට වචනයකින්වත් හවුල් නොවන.. බේබීලාගේ හොඳ හැත්ත.. කවදා හැදෙයිද?
රනිල්ගේ බොරු එළිවේගෙන එනවා වගේ...
කෘෂිකාර්මන්තය, පරිබෝගික අවශ්‍යතා පහසු මිලකට ලබාදීමට සලස්ව්ම මෙන්ම ,,ඉතා අව්ශ්‍යතව්‍යක්වන ගමනගමනය ඉතා වටිනා අංගයක් ලෙස අපගේ රජයේ අවදාන යට ලක්කරමු
ළඟදීම ඡන්දයක් එනවා නේද?