
(රංජිත් රාජපක්ෂ )
නායයාමේ සහ ගල් පෙරලිමේ අවදානමක් හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත අද (28) තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිනි සුසන්ති මාලනි කුමාරි මහත්මිය පැවසිය.
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පාසලේ ගොඩනැගිලි වලට ඉහලින් පිහිටි කන්දක් ඉරි තලා ගොස් ඇති බවත්, එම කන්දේ තිබු ගල් කිහිපයක් පාසල් භුමිය වෙත පෙරලි ඇති බවත් කියයි.
පවත්නා තත්ත්වය මත පාසල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව විදුහල්පතිනිය කියා සිටියේය. පාසලේ සිසු සිසුවියන් 250 ක් පමණ අධ්‍යාපන ලබන බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද විදුහල්පතිනිය පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1965 වසරේ මම මේ පාසලේ 03 වැනි ශ්‍රේණියේ ඉගෙන ගත්තේ මගේ පියා නෝටන්බ්‍රිජ් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිව සිටියදී. ඡායාරූපයේ ඇති ගොඩනැගිල්ල මට තරමක් මතකයි