(මහින්ද   නිශ්ශංක)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකාර ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ජේ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර ඇත.