
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය.
අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේ දී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු විදේශ අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.
පක්ෂ නායකත්ව ඡන්ද විමසුමෙන්, සානේ ටකායිචී ට ජයග්‍රහණය කිරීමට හැකි වූවා නම්, ඇයට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩ තිබුණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd