
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු ඉෂිබා ය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය.
අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේ දී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු විදේශ අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.
පක්ෂ නායකත්ව ඡන්ද විමසුමෙන්, සානේ ටකායිචී ට ජයග්‍රහණය කිරීමට හැකි වූවා නම්, ඇයට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩ තිබුණි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
190
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා