
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩංගුවට ගෙන ඇතැයි නූංගමුව පොලිසිය කියයි .
ඊයේ( 26) මධ්‍යම රාත්‍රියේ දී නුංගමුව පොලිස් වසමේ දෙල්ගහමැඩිල්ල, ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු හා ගිනි අවිය අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
විශ්‍රාමික ආබාධිත හමුදා නිලධාරියකු සතුව ගිනි අවියක් ඇති බවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්ට ලැබුණු වැඩ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත .
අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිට පාදයකට චෙඩි වැදීම හේතුවෙන් ආඛාධිත සෙබලෙකු ලෙස 1993 වර්ෂයේ දී සේවයෙන් විශ්‍රාම ලබා ඇති පුද්ගලයකු බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පොලිස් අත්අඩංගුවට ගැනුණු ටී පනස් හය වර්ගයේ ගිනි අවිය සැකකරුගේ බාප්පා කෙනෙකු වූූ වසරකට පමණ පෙර දී මරණයට පත් වූ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසින් ලබාදුන් එකක් බව සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි කුණුගොඩක්නං, අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් කොහෙන්හරි ගෑවිලා ඇති. ලංකාවේ මිනිස්සුන්ගෙ සාමාන්‍යයයෙන් හැටිද, නැත්තං පක්ෂවලින් නාමයෝජනා දෙන්නෙ මේ වගේ අයට විතරද?