
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත වීමට සාකච්ඡා අරඹා ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කළ බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිලුම් අමුණුගම මහතා ද මව්බිම ජනතා පක්ෂය සමග අද එක් විය.
ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ද අනතුරුව පිරිනමා ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනපතිවරණයේදී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ නමින් සන්ධානයක් පසුගිය දා පිහිටුවා ගනු ලැබීය.
එම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.
පොදු ජන එක්සත් නිදහස් පෙරමුණට තවත් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේසියෙන්ම හොයා ගතහැකි උඹලට වැටෙන ඡන්ද ගනන.අයියෝ මෙහෙමත් ලැජ්ජාවක් නැති ඇයෝ, කෝටි ගණනක් වියදම් කරලා ලක්ෂයක ඡන්ද ගනිපු ,තමන්ගේ ගම වන අක්මීමන ආසනයෙන්වත් ඡන්ද නොලබපු ඩිලත් එක්ක යන්න තරම් බංකලොත් වෙච්ච අපේ අගමැටි තුමා? අනුන්ගෙ පක්ෂ කඩපු රාජපක්ෂල 2.5% ට වැටුන, ඒකෙන් සේරම වරප්‍රසාද අරගෙන රනිල් ගෙ කරේ ගිය උන්ට වෙච්ච වැඩක් , දිල්ත්ගෙ ගාන මේ වතාවෙ ලක්ෂය පැන්නොත් පුදුමයි.
දිලිත් ගත් අවසානය...
ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද, ලොහාන්, රෝහිත, පවිත්‍රා, කරුණා, ප්‍රසන්න රණවීර, පිල්ලෙයාන් වැනි කීර්තිමත්, ප්‍රවීණ, කෘතහස්ත, පිරිසිදු දේශපාලන නායකයින්ගේද සහාය ලබාගන්න. ඔබට ජය!
අයියෝ දිලිත්... හොරුන් සමග හෙළුවෙන් තමයි.
දිනේශ් දිලුම් අමුනුගම සහ දූශනා චෝදනා නැති කීප දෙනෙක් එකතු කරගත්තට අවුලක් වෙන එකක් නෑ .පාර්ලිමෙන්තුවෙ රිමෝට් එක වෙන්න පුලුවන් ආසන 20ක් ගත්තොත් විමල් දිලිත් එකමුතුව
ආයෙමත් නයා පෙන්වන්නේ කොහොමද, ගේමක් දෙන්නේ කොහොමද කියලා වෙන්ඩැති සාකච්ඡා කරන්ඩ ඇත්තේ?
අලුත් පක්ෂේ නම "හොරු වෙනුවෙන් හොරු" හෝ "හොරු මදිවට හොරු " යන නමක් සුදුසු බවට මම යෝජනා කරමි...
යන එන මං හිතාගන්න බැරුව හිටපු දිලුම් අමුණුගම පහුගිය ජනාධිපතිවරණයේ දී දිලිත් ගත්තු ඡන්ද ගාණ ගණන් බලලා ඒ ටිකෙන් කොහොම හරි ශේප් වෙලා ආයෙත් පාර්ලිමේන්තුවට එන්නයි මේ ගැටේ ගහන්නේ. හැබැයි ගම්මන්පිලයයි වීර වනසයයි. ඔය ඡන්ද ටිකෙන් ඇතුලට රිංගන්න ගණන් බලාගෙන දැනටමත් හීන දැක දැක පේන බල බල ඉන්න වෙලාවේ මේ යකෙක් කොහෙද ඉඳන් පාත් වෙනවා කිව්වහම පොල්ලක් අරන් එලොගෙන ඒවි ගහන්න.
ඡන්දෙටත් කලින් රිලවෙක් වගේ රටින් පැනලා ගිය නන්දෙත් එක්ක එකතුවෙලා කොරෝනා කලේ නිරෝධායන හෝටල් කියලා එකක් අටෝගෙන ඒකෙනුත් හම්බකරපු, ඇන්ටිජන් වලිනුත් හම්බ කරන් අපේ රීරි මාංශ සූරා කාපු ඔබ වැනි කෙනෙකුට ඡන්දෙ දෙන්න අපි මැරිලා ඉපදුනේ නැහැ... පුරවැසියෙකුට රටට එන්න තිබෙන අයිතිය උදුරා ගත්තු නන්දේ අද අහිකුන්ඨකයෙක් වගේ රටින් රටට පැන පැන ඉන්නේ කරපු පවු වලට, ඔබලාගේ ගජමිතුරු හවුල මුදල් ගරාගන්න බලාගෙන ගත්තු තීන්දු තීරණ නිසා හින්දා මැදපෙරදිග අතරමන් වුන අපේ සහෝදර සහෝදරියෝ මැරුණු පාරේ අතරමන් වුණා. සමහර සහෝදරියෝ දුෂණය වුණා. ළඟදීම හිර ගෙදර යන්න පුළුවන්...!
සහෝදර රටවැසියනි, ලබන ඡන්දෙදී ඔබලා කැමැති පක්ෂයකට ඡන්දේ දෙන්න නමුත් මනාපේ ගහන කොට ඉතා පරිස්සම් වෙන්න.., පරණ හොරුන්ට, කප්පම් කාරයින්ට, මිනීමරුවන්ට සහ අලුතෙන් දේශපාලනේට එන දිලිත් වැනි පරණ ගජමිතුරු කල්ලියේ සාමාජිකයින්ට මනාපේ දීම සියතින් ගෙල සිඳගැනීමක් බව සිහියට ගන්න...
මම මගේ මේ ප්‍රශ්න කොරෝනා සමයේ දී විදේශවල අතරමන් වෙලා මියගිය සහ වෙනත් දුක්ගැහට වලට ලක්වුණා.. සහෝදර සහෝදරියෝ වෙනුවෙන් කෙලින්ම යොමු කරන්නේ ජනාධිපතිතුමාට, පුරවැසියකුට හදිසි අවස්ථාවකදී සියරටට පැමිණීමට තිබෙන අයිතිය ඔබ පිළිගන්නවාද? එසේ නම් නීතිවිරෝධී ලෙස එම අයිතිය උදුරාගත් හිටපු ජනාධිපති ඇතුළු පිරිසට විරුද්ධව ඔබ නීතිමය පියවර ගන්නවාද? විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට යන කෙනෙකුට රක්ෂණයක් තිබෙනවා.. නමුත් කොරෝනා ප්‍රශ්නෙදී එම අරමුදලේ මුදල් තිබිලත් විදේශ ශ්‍රමිකයා නිරුපද්‍රිතව සියරට ගෙනත් එම අරමුදල් වලින් නිරෝධනය නොකිරීම ඔබ අනුමත කරනවාද? අනුමත නොකරනවා නම් එම කාලයේ එම කාර්යාංශය භාරව සිටි කම්කරු ඇමැතිට විරුද්ධව ගන්න පියවර කුමක්ද?