
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බවත් පැවැසෙයි.
මරණ වාර්තා වන්නේ, ඉන්දියාවේ වාර්ෂිකව, තෙදිනක් තිස්සේ පැවැත්වෙන ‘ජීවිත්පූත්‍රිකා’ හින්දු ආගමික උත්සවයේදීය. මෙය ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික උත්සවයක් වන අතර, කුඩා දරුවන්ටත්, ඔවුන්ගේ මවුවරුන්ටත් ආශිර්වාද කිරීම සිදුවෙයි. ඒ ගංගාවල ස්නානය කිරීමෙනි. මවුවරුන් ආගමික උත්සවයට සහභාගී වන්නේ උපවාස කරමිනි.
දිස්ත්‍රික්ක රැසකින් හින්දු බැතිමත්හු මෙම ආගමික උත්සවයට සහභාගී වෙති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දියේ ගිලී මියගිය පිරිස අතර දිස්ත්‍රික්ක 15 කින් ආ බැතිමතුන් සිටින බවය.
පසුගිය කාලයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ගංගා සියල්ල පිටාර ගලන මට්ටමට පත්ව ඇති බවත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. ඒ ගැන නොසලකා දියට බැස පුජාවට එක් වීමට උත්සාහ කළ බැතිමතුන් මෙසේ දියේ ගිලී මියගිය බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
වෙන වැඩ ගොඩගැහිල Friday, 27 September 2024 07:52 AM
දෙවියන්ට නොපෙනුනේ ඇයි?
Hira Friday, 27 September 2024 08:17 AM
දෙවියෝ හොඳටම කරලා තියෙන්නේ... අම්මෝ මෙහෙමත් දේවල්... කවදා මොවුන්ට නුවණ පෑදෙයිද? දෙවියෝ කියන්නේ තමන්ගේ හිතේ මවාගත්තු චිත්‍රයක් සහ සිතිවිල්ලක් පමණි..