
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම " කුෂ් '' ගංජා වැටලීම සිදු කරමින් , රුපියල් හතලිස් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා ඇමෙරිකානු ගංජා තොගයක් සමග ඒවා රැගෙන ආ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් මගියා සමග අද (26) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
මොහු 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක සේවා නිලධාරීවරයෙකි.
ඔහු අද උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ( Green Channel ) ඔස්සේ පිටව යාමට පැමිණ සිටි මොහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කළ රේගු නිලධාරීන් , මොහු නවතා , මොහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී , කිලෝ ග්‍රෑම් 43 යි ග්‍රෑම් 648 ක් බරැති මෙම " කුෂ්" ගංජා තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු සමත් වූහ.


2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකුම ‘‘කුෂ්‘‘ තොගය ගුවන්තොටෙන් අල්ලයි