
(නවෝද්‍යා පවනි)
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට අදහස් කරන බවයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (26දා) කොළඹ දී පැවති චීන ජාතික දින සැමරුම් උත්සවයේ දීය. චීනය 75 වැනි ජාතික දිනය මෙවර සමරනු ලබයි. මේ සඳහා නව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී විය. මෙරට විදේශ තානාපතිවරුන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හමුදා නිලධාරීන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
නවීකරණය තුළින් නව සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමට චීනයට හැකි වූ බවත්, නව මාවත ඔස්සේ චීනය ගොඩනැගී ඇති ආකාරය පිළිබඳව චීන ජනතාව තුළ විශ්වාසයක් ඇති වී ඇති බව ද තානාපතිවරයා සඳහන් කළේය.
නව ජනාධිපතිවරයා සහ නව ආණ්ඩුව පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනතාවට නව යුගයක් උදා වී ඇති බවත්, ඒ සමඟම පවතින අභියෝග සාර්ථකව ජයගත හැකි බවත්, ආර්ථික අර්බුදය සම්පූර්ණයෙන් ම විසඳාගත හැකි වනු ඇති බවත් තානාපතිවරයා කීවේය.
එමෙන්ම වඩා හොඳ අන්තර් අවබෝධයකින් සහ මිත්‍රත්වයකින් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් , එ තුළින් ශ්‍රී ලංකාව උසස් තලයකට නගා සිටුවීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේ දී චීනය ලබාදුන් සහය අගය කරන බවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියටත් යහපත් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.


2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන 75 වැනි ජාතික දින උළෙලින්
Palitha Mahinda Munasinghe Friday, 27 September 2024 08:57 AM
චීන සමූහාණ්ඩුවේ 75 වන සැමරුමේ දී, මෙරට ජනාධිපතිවරණය තුළින් ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික නිදහස පතා කළ අරගලයේ යථාර්ථය තුළ ඇති සමාජීය පරිවර්තනය ඉස්මතු කිරීම පැසසිය යුතු ක්‍රියාවකි.