
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු බලධාරීන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව ්”මග නැගුම” ආයතනය විසින් ”2 කේ.” නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් ලක්ෂ 150 මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට අද නියම කළේය.
”2 කේ.” නමැති ඉදිකිරීම් සමාගමකට අදාළ රුපියල් ලක්ෂ 150 මුදල ගෙවීම අනුමත නොකිරීම හේතුවෙන් ‘මග නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
‘මඟ නැගුම’ විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “මඟ නැගුම’ ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් තමන් කටයුතු කළ බවත් මාර්ග ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් ”2 කේ.” නමැති ඉදිකිරීම් සමාගමට ගෙවීමට නියමිතව තිබු මුදල් ගෙවා අවසන් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එම මුදල් ගෙවා අවසන් කළ පසු අදාළ සමාගමට රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා ‘මඟ නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලයට දිගින් දිගටම බලපෑම් කළ බවද සඳහන් කළේය.
දිගින් දිගටම එල්ල වන බලපෑම් පිළිබඳව ”මඟ නැගුම” අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කළ බවද එම දැනුවත් කිරීම අනුව මෙම මුදල නොගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු මෙම සිදුවීම පාදක කරගනිමින් අමාත්‍යංශයෙ හිටපු ලේකම්වරයා විසින් තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයෙන් ඉවත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කෝ ගෙවන්නැයි කී ලක්ෂ 150 අධිකරණය නවත්වයි
Prabha Thursday, 26 September 2024 05:53 PM
බන්දුලගේ රෙදි බිම...
පුරවැසියා Friday, 27 September 2024 07:31 AM
ආසනේ කීයකින් පරාද ද? බන්දුල එල්ලෙන්න වැලක් දෙන්නද? මෙන්න මෙහෙම තමයි රට සංවර්ධනය කළේ.
PATTA hora Friday, 27 September 2024 09:37 AM
වෙන ලොක්කෝ නෑ.
B Amarasinghe Friday, 27 September 2024 02:00 PM
බන්දුල ආයෙ ඡන්දෙ ඉල්ලයිද?