
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර්සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනපති වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී ඇත.
මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාවද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.
වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තට බෙදී, එකට හොරාකන හොර කල්ලියෙන්, නව ජනාධිපතු තුමා ලංකාව බේරා ගෙන තිබෙනවා... බහුතර මෝඩ රැලක් මේ රටේ සිටියත්, ප්‍රඥාවන්ත ජනතාවගේ මැදිහත්වීම මත බහුතර ඡන්දයෙන් මැතිවරණය ජයග්‍රහණය කිරීම හේතුවෙන් තක්කඩි හොර පාලකයින්ට ආවඩන යටත් වැසියන්ටත් ඔවුන්ටත් නොදැනීම සුවිශේෂ ජයග්‍රහණයක් හිමිව තිබෙනවා... මෙම ජයග්‍රහණය යතාර්ථයක් කර ගැනීමට ජාත්‍යන්තරයේ ඔබ සැමගේ සහාය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.