
(ඉන්දිකා රාමනායක)
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන අංශය කළ විමර්ශනවල දී එම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම හිටපු හමුදා ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම රුසියාවට ගොස් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්, රුසියාවට යවන මෙරට හමුදා සෙබළකු වෙනුවෙන් මෙම හමුදා ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මෙම ආරක්ෂක ප්‍රධානියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු විමර්ශනය කර ඉදිරියේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා කීය.
මෙරට ප්‍රධාන පෙළේ ආරක්ෂක සමාගමක නමින් රුසියාවේ යුද හමුදා කඳවුරක් පැවැත්වෙන බවත් මෙරටින් යැවෙන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම කඳවුරට රැගෙන ගොස් එහිදී සති තුනක පමණ පුහුණුවක් හා යුද්ධයට අවශ්‍ය නිල ඇඳුම් ගිනි අවි ලබා දී ඇති බවත් හෙළිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුණු අමුත්තා සොයා වටිනා තෑගි දිනන්න!
ඊශ්‍රායලයට මිනිසුන් පටවා රු ලක්ෂ පහ ගානේ ලබාගෙන කොළඹ එපාට්මන්ට් ගත් ඇමති ,බලාගෙන ඉන්න ,ඔබටත් වෙනදේ, මහජනයා දුප්පතුන් කල කිසිවෙකුට යහතින් ඉන්න ඉඩ නොදිය යුතුය.
මම හිතන්නේ එයා හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න නොවෙයි වෙන්න ඇති.