
(රෝෂන් තුෂාර)
සාමාන්‍ය ඡන්ද පෝස්ටර දැන්වීමක් මෙන් නොව විනිසුරුවරයෙකුගේ රුව සහිත පෝස්ටර ඇලවීම අධිකරණයට කළ බලපෑමක් බව පැවසූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටරයක් ඇළවූ පෞද්ගලික බස් රථ රියැදුරු ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ලබන 10දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (26) නියෝග කළේය.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩ පාත මනෝච් මධුසංඛ හා ඇරව්වල ක්‍රිෂාන් නාලක සැකකරුවන් මෙසේ රක්ෂිත බන්දනාගාරගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd