IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සී.අයි , ඩබ්ලිව් එස්.අයි යට කරන්න හදලා?

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර උතුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිනි ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරියක සිය මෝටර් රථයේ හප්පා මරණයට පත් කිරීමට තැත් කලැයි කියන පැමිණිල්ලකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

මෙලෙස විමර්ශන ආරම්භ ඇත්තේ මීට වසර කීපයකට ඉහතදී එම පොලිසියේම ස්ථානාධිපති ලෙස කටයුතු කර තිබෙන මේ වන විට පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිවය.

ඉකුත් 21 වෙනිදින ජනාධිපතිවරණ මැතිවරණයට දිනයට පසු දින  පානදුර ජුබිලි හන්දිය පොලිස් මාර්ග බාධකයේ  රාජකාරි නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරිය තම පුද්ගලික යතුරුපැදියෙන් පොලිස් ස්ථානය වෙත පැමිණීමේදී එම පොලිසියට අනුබද්ධව ජංගම සංචාරයේ යෙදවූ වෑන් රථයක් පල්ලියමුල්ල හන්දියට ආසන්නයේ නතර කර තිබෙනු දැක යතුරුපැදියෙන්ම වෑන් රථය අසලට ගොස් එහි නිලධාරීන් සමඟ රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් යතුරුපැදියේ සිටම සාකච්ඡා කරමින් සිටියදී මොරටුව දෙස සිට පානදුර දෙසට මෝටර් රථය පදවාගෙන ආ නිල ඇඳුමින් සැරසුණු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෝටර් රථය යතුරුපැදියේ හිතා මතාම ගැටීමට සලස්වා අනතුරුව තමන්ට එම නිලධාරියා බැණ වැදුණු බව පවසමින් පැමිණිල්ලක් කරමින් නිලධාරිනිය රෝහල් ගතවී ඇත.

එම නිලධාරියා හිතාමතා අනතුර සිදු කරන අවස්ථාවේදී ජංගම වෑන් රථයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීනියන් කීප දෙනකුද සිටි බවත් එම මාර්ගයේ ඔහුට මෝටර් රථය ධාවනය කිරීමට ඕනෑ තරම් ඉඩ තිබූ බවත් ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.

අනතුරෙන් පසු අනතුර සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද පානදුර උතුර පොලිසිය වෙත පැමිණ උප පොලිස් පරීක්ෂකවරිය තමන්ට ගමන් කිරීමට නියමිත මාර්ගය අවුරාගෙන සිටීම හේතුවෙන් අනතුර වූ බවත් හිතා මතා සිදු නොකළ බව පවසමින් ඇයට විරුද්ධව පැමිණිල්ලක් ද සිදුකර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

සී.අයි , ඩබ්ලිව් එස්.අයි යට කරන්න හදලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site