
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අද ලිඛිතව දැනුම් දී ඇත.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා බාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 කි.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින එම නිවාස යළි බාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද දැනුම් දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම එළවන්න, ඕකුන් ට හැකිනම් පස්ස පැත්තට පා පහරක් දී එළවන්න, මේක වහගෙන කාල කාල, අපි දුප්පත් ඇයි කියල දැන් තමයි වැටහෙන්නේ. අනුර කුමාරට බලය නොලැබුණි නම් වෙන කවුරු ආවත් පරණ ක්‍රමයම අනුගමනය කරන බවට සැකයක් නැහැ.දැන් වෙනස පේනවා.
ඉතාමත්ම සතුටයි. මේකෙ බහුතරයක්, රජයෙන් කිසිදු ආධාරයක් නොගන්න (මහාමාර්ග, ජලය, විදුලිය වැනි මූලික පහසුකම් හැර), රජයේ රැකියාවක් නොකරන පුද්ගලයින්ට කිසිසේත්ම ධනාත්මකව දැනෙන හෝ වැදගත් සේවයක් මන්ත්‍රීවරුන් වශයෙන් ඉටු නොකරන බව මගේ විශ්වාසයයි.
මාලිමාවට බැනපු අයට අපහාස කරපු ගොබිලන්ට දැං රිදෙයි ඈ.