
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අද ලිඛිතව දැනුම් දී ඇත.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා බාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 කි.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින එම නිවාස යළි බාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද දැනුම් දුන්හ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැති ඇමැති බංගලා වහා බාර දෙනු
සෙනෙවිරත්න Friday, 27 September 2024 06:26 AM
වහාම එළවන්න, ඕකුන් ට හැකිනම් පස්ස පැත්තට පා පහරක් දී එළවන්න, මේක වහගෙන කාල කාල, අපි දුප්පත් ඇයි කියල දැන් තමයි වැටහෙන්නේ. අනුර කුමාරට බලය නොලැබුණි නම් වෙන කවුරු ආවත් පරණ ක්‍රමයම අනුගමනය කරන බවට සැකයක් නැහැ.දැන් වෙනස පේනවා.
බූන්දි Friday, 27 September 2024 07:35 AM
ඉතාමත්ම සතුටයි. මේකෙ බහුතරයක්, රජයෙන් කිසිදු ආධාරයක් නොගන්න (මහාමාර්ග, ජලය, විදුලිය වැනි මූලික පහසුකම් හැර), රජයේ රැකියාවක් නොකරන පුද්ගලයින්ට කිසිසේත්ම ධනාත්මකව දැනෙන හෝ වැදගත් සේවයක් මන්ත්‍රීවරුන් වශයෙන් ඉටු නොකරන බව මගේ විශ්වාසයයි.
Bandara Friday, 27 September 2024 07:35 AM
මාලිමාවට බැනපු අයට අපහාස කරපු ගොබිලන්ට දැං රිදෙයි ඈ.