IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඥානසාර හිමිට එරෙහි තීන්දුව 14වැනිදා

(රෝෂන් තුෂාර)

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින්  පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද  (26)නියෝග කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති චෝදනාව සනාථ කිරීම සඳහා වන සාක්ෂි ඉදිරිපත් ව නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන ලෙස  ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට  චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය පෙනී සිටියේය

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 14 වැනි දින තීන්දුව ලබාදෙන බව  නියෝග  කළේය.



අදහස් (3)

ඥානසාර හිමිට එරෙහි තීන්දුව 14වැනිදා

බද්රානි Thursday, 26 September 2024 06:33 PM

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය තෙක් සිරකර තැබුවොත් මේ රටට විශාල මෙහෙයක් ඉටුවෙයි... මොහු ලාංකික සමාජය තුළ අන්තවාදී අදහස් පතුරුවමින් මේ රටේ ජාතික සංහිඳියාවට විශාල හානියක් කළා... ඒ වගේම බුද්ධ ශාසනයේ ගෞරවයට විශාල හානියක් කළා... මෙවැනි චීවරධාරීන් තව කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් පිළිබඳවත් නිසි නීතිමය පියවරක් ගත යුතුයි.

:       12       36

kumara Thursday, 26 September 2024 09:36 PM

කතා කරන විදිය හැසිරෙන විදිය වැරදි ඇති නමුත් හාමුදුරුවෝ කියපු දේවල් පුළුවන් ද බොරු කියලා කියන්න

:       19       13

THIYO Friday, 27 September 2024 06:38 AM

බන්ධනාගාර නිලධාරී මහතුන් හාම්දුඋර්වන් වහන්සේ කියනදේ විශ්වාසයෙන් අහගෙන ඉන්නවා පොලිස් මහත්තයා මේ කියන්නේ ඇත්තද කියලා නිකමට ඇත තියන් අහගෙන ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site