
(අංජුල මහික වීරරත්න)
ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමටට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.
ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම සහන ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.
ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000 ක පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.
මෙම ගොවි සහ ධීවර සහනාධාර මුදල් සෘජුවම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.
බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් දෙන්න කලින් රටේ ආදායම වැඩි කරගත යුතුයි. කෝටි දහස් ගණනක් මහා මැතිවරණයටත් යනවා. අන්තිමට රනිල් මහතා දායකවෙලා ගොඩදාගත්තා. ඒක නැවත හාන්සි වෙයි. පළපුරුදු නැතිකම නිසා. ගෝඨාභය මහතාටත් වුණේ ඒක...
ප්‍රවාහනය හා අතර මැදියන් සම්බන්ධයෙන් සුදුසු වැඩ පිළිවෙලක් සාකච්ඡා කළයුතුයි...!
නුවරඑළියේ එලවලු ගොවීන්ටත් සහනයක් දෙන්න ජනාධිපතිතුමනි,
ලොකු දෙයක්... සුදුසුම අයට ලබා දිය යුතුයි.
පසුගිය ආණ්ඩුවල මැතිඇමතිලාට වරප්ප්‍රසාද යටතේ යානවාහන හා අනෙකුත් දෑ සඳහා වියදම්කළ මුදල් නිසි දෙයකට යොදවනවා නම් මේ වගේ දේවල් පහසුවෙන් හා නිසිවෙලාවට ගොවියාගේ හා ධීවරයාගේ ජීවනතත්වය නගාසිටුවිය හැක. එයයි රටේ සන්වර්ධනය. ස්තුතියි කුමාරයාණන්ට....!
මේ ඉහළ. ඉන්න එකාට රජයේ. වාහන තුන හතර තියන්. ඉන්ධන නාස්ති කරමින් මගුලේ ගිය උන්ට ඔක කිවානම් හොදයි අසරණ ගොවින්ට. සහනයක් දෙනකොටද ආර්ථිකය මතක්වුන්නෙ. රනිල් රට කෑවාමිසක්. රට කෙරුවේ නැහැ. වාහන පෝලිමේ ඇවිත් ගාල් කරනවා ඒකියන්නෙ නිර්බිත කොනද පන තියෙන. නායකයා ආවා කියන එක එක. අනිත් උන්.
තාරක කියපු දේ සීයට සීයක් ඇත්ත..
පාර්ලිමේන්තුවේ මෙතෙක්, හිටපු පින්ගුත්තරයින්ට නිකරුනේ ගෙවපු දීමනා ඉතුරුයිනේ, ඒවායින් සහන දීලා....
කාට වුණත් සහන දෙන එක හොදයි. මිනිස්සු ලොකු ජීවන අරගලයක ඉන්නේ. ඒත් ලොකුම ප්‍රස්නය මෙහෙම සහන දෙන්න තරම් ආර්ථික සක්තියක් අපිට නෑ. ආදායම් ඉපයෙන්නෙ විදෙස් ශ්‍රමිකයන්ගෙන්, සංචාරකයන්ගෙන්, අපනයනයෙන්. ඒත් නිශ්පාදනය වැඩිවෙලා නෑ. සහන දෙන්න පෙර රටේ ආදායම් වැඩිකරගත යුතුයි. සමුර්දිය, අසවැසුම ගන්න බොහෝ අයට ආදායම් තියෙනවා.මම දන්න ගෙදරක 5 දෙනෙක් ඉන්නවා.එයින් 4ක් රැකියා කරද්දී සමෘද්ධියත් ගන්නවා. ඒ වගේම ලොක්ඩවුන් කාලෙ දුන්න මම දන්න කුරුනැගල කෙනෙක් රු.5000 ගත්තා.එයාට නවීන කාර් එකක්, තට්ටු දෙකක නවීන නිවසක්, කුලියට දුන්නු තට්ටු දෙකෙ ගොඩනැගිල්ල සහ එහි කඩ කාමර 12ක් තියනවා. බස් එකකුත් තියෙනවා. ඒත් විලිලැජ්ජ නැතිව 5000 ගත්තා. එනිසා මේව හරියට බැලුවොත් 50%ක් නුසුදුස්සෝ. දිය යුතු අයට දීලා පිනට කකා නොඉද නිෂ්දපානවලට හවුල් කරගත යුතුයි.
සහනාධාර දෙනවා වගේම නිෂ්පාදනය වැඩිවනවද කියලා බලන්න ඕන. ඒ වාසිය පාරිභොගිකයාට දෙන්නත් ඕන.
පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශ කර තියන අවස්තාවක මෙම දීමනා දෙන එක හරිද කියලා බලන්න
මේක මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් නෙමෙයිද කුමාර ජනාධිපතිපතිතුමෝ .... ඔයා සීයට තුනේ ඉන්නකොට නම් ආණ්ඩුවේ කවුරු හරි මේක කලා නම් මේ වෙනකොට දැන් මුළු රටම ගිනිතියලා ... මාලිමා මල්ලිලා ටික බුකියත් කැත කරලා... රනිල් කරපු දේම "ඔයා වෙස්මූණක්" දාගෙන ශේප් එක කරනවා විතරයි.
දැන් ගොවියන් සහ ධීවරයන් එකතුවෙලා පාරිභෝගිකයාට සහනයක් දෙන්න ඕනේ , ජනාධිපති තුමනි එළවලු සහ පලතුරු ප්‍රවහනේදී සිදුවන අපතේයාම අවම කරගන්න යුරෝපේ භාවිත කරන ඇකිලිය හැකි ප්ලාස්ටික් පෙට්ටි වැනි වැනි දේවල් යොදාගැනීම ගැන සැලකිලිමත් වෙන්න , එළවලු පලතුරු කල්තබගැනීමට ශීතාගාර පහසුකම් වැනි දේවල් ඉදිකිර්ම ගැනත් සැලකිලිමත් වීමත් නුවනට හුරුය , විදේශ රටවල සිටින ශ්‍රී ලංකික ප්‍රජාව හවුල් කරගෙන ඔවුන්ව ආයෝජන සදහා දිරිමත් කරන්න පුළුවන් , යුරෝපේ දියුණු රටවල මෙම ප්‍රවාහන ක්‍රම සහ විදි ගැන දන්නා උගත් පළපුරුදු වෘර්තිය වේදියෝ ඉන්නවා , අරාබි රටවල් කරන ආකාරයට ඔවුන්ට මුදලක් ගෙවා ඔවුන්ගේ උපදෙස් අරගන්න පුළුවන් ,
රම්බොඩයාට ටිකක් අවුල් වගේ? අවුරුදු 47ක් දේසපාලනේ කරපු රනිල් ගේ කෙරුවාවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි .මහ බැංකු හොරා කියලනේ කිව්වෙත් ....ජනාදිපති තුමා ඔහුගේ රාජකාරිය කරාවි.හිටපු උන් රට කාපු හොරු?