IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සටන් විරාමයකට උනන්දුවක් නෑ

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල හමුදාවට අණ දී ඇත්තේ, ලෙබනන් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා පහර දෙන ලෙසටය.

සටන් විරාමයකට ගොස් ලෙබනන් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ඊශ්‍රායලයට බල කළ සෙසු රටවල් වන්නේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයට අයත් රටවල්ය.

ඊශ්‍රායලයේ මෙම ක්‍රියා කලාපය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද පැවැසෙයි. 

මේ වනවිට පසුගිය පැය 24 තුළ පමණක් දකුණු ලෙබනනයට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියෝ 90 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



අදහස් (0)

සටන් විරාමයකට උනන්දුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site