
(කීර්ති ප්‍රනාන්දු)
හිසකෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට අදාළ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද පරීක්ෂා කරනු ලැබීය.
එහිදී සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ කොණ්ඩය සැකසීම සඳහා භාවිතා කර තිබූ ආලේපන ද්‍රව්‍ය දෙකක සාම්පල් ලබාගත් බව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවසීය .
එසේ ලබාගත් ආලේපන ද්‍රව්‍ය සාම්පල මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනීම සිදුකරන බවත් මේ පිළිබඳව සියලුම විමර්ශන කටයුතු අවසන් වන තුරු එම රූපලාවණ්‍යාගාරයට මුද්‍රා තැබූ බවද නාමල්ගම මහතා කීය .
මේ පිළිබඳව අද (27)දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බවද ඒ මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයකටත් වැඩිය ගියා මේ ගොල්ලන්ට පුටුවෙන් නැගිටින්න...
ඉදිරියට මේවා වෙනස් වෙයි ස්ථිරවම