IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු මන්ත්‍රී සහන් කලබල වී ලක්ෂ 50 ගෙවා දමලා

(සුජිත් හේවාජුලිගේ සහ බුද්ධික කුමාරසිරි)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට  ගෙවා අවසන් කර ඇත.

සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර එය 2022 වර්ෂයේදී අනතුරකට ලක් වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණ.

රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.

මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.

මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණ.

 



අදහස් (7)

හිටපු මන්ත්‍රී සහන් කලබල වී ලක්ෂ 50 ගෙවා දමලා

pakeer Thursday, 26 September 2024 10:44 PM

ඔන්න බලාගනින් හොරු අල්ලන විදිහ. මුන්ට තමා හොරු කියන්නේ. දඩුවම් දෙන්න. නිකන්ම මේ රට හදන්නේ. අනුර සහෝදරයා මහමැතිවරණයට ඉස්සෙල්ලා හොඳ දේවල් ජනතාවට දෙන දේවල් කරන් යමු. මුන්ව මේ පාර රටින්ම හැදි ගෑවෙන විදිහට වැඩ කරමු. ජනතාවට ජය.

:       1       11

කුඩු ශලිදු Thursday, 26 September 2024 10:53 PM

මෙතුමාත් කවදාවත්ම හොරකම් කරපු මනුස්සයෙක් නං නොවේ. ඔය ලක්ෂ 53 මොකක්ද අනේ. අඩුගානේ කෝටි 53ක් වත් නං කමක් නෑ.

:       2       3

Chinthaka Friday, 27 September 2024 04:29 AM

නැහැ කිව්වට ඔය තියෙන්නේ සල්ලි .රජයේ මුදල් රෙගුලාසි අනුව අමතරව අයකළ යුතු මුදලුත් ගෙව්වාද බලන්න

:       0       9

Lalla Friday, 27 September 2024 07:27 AM

කලකට ඉහත සාමාන්‍ය පුරවැසියෙක් වූ සහන් ප්‍රදීප් මෙපමණ ධනවතෙකු වූ විදිය කිමද?

:       0       12

Small man Friday, 27 September 2024 07:52 AM

අන්න ඒ බය තියාගනින් සහන්.

:       0       15

කර්මය Friday, 27 September 2024 08:17 AM

රිය සක ගොනුන් පසුපස එනකොට තව කීදෙනෙක් ඔය වගේ කලබල වෙන අය ඇතිද?

:       0       14

දේසප්‍රේමියා Friday, 27 September 2024 12:05 PM

මේ එකෙක් විතරයි .ඔය විදියට තව කොච්චර ඉන්නවා ඇත්ද. ඒ හැම එකාගෙන්ම හොරාකාපුවා අයකර ගැනීමට නිතියෙන් හෝ කටයුතු කළ යුතුයි .කෝටි ගණන් බදු නොගෙවා පැහැර ඇරපු අයත් ඉන්නවා.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site