
(සුජිත් හේවාජුලිගේ සහ බුද්ධික කුමාරසිරි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට ගෙවා අවසන් කර ඇත.
සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර එය 2022 වර්ෂයේදී අනතුරකට ලක් වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණ.
රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.
මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.
මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලාගනින් හොරු අල්ලන විදිහ. මුන්ට තමා හොරු කියන්නේ. දඩුවම් දෙන්න. නිකන්ම මේ රට හදන්නේ. අනුර සහෝදරයා මහමැතිවරණයට ඉස්සෙල්ලා හොඳ දේවල් ජනතාවට දෙන දේවල් කරන් යමු. මුන්ව මේ පාර රටින්ම හැදි ගෑවෙන විදිහට වැඩ කරමු. ජනතාවට ජය.
මෙතුමාත් කවදාවත්ම හොරකම් කරපු මනුස්සයෙක් නං නොවේ. ඔය ලක්ෂ 53 මොකක්ද අනේ. අඩුගානේ කෝටි 53ක් වත් නං කමක් නෑ.
නැහැ කිව්වට ඔය තියෙන්නේ සල්ලි .රජයේ මුදල් රෙගුලාසි අනුව අමතරව අයකළ යුතු මුදලුත් ගෙව්වාද බලන්න
කලකට ඉහත සාමාන්‍ය පුරවැසියෙක් වූ සහන් ප්‍රදීප් මෙපමණ ධනවතෙකු වූ විදිය කිමද?
අන්න ඒ බය තියාගනින් සහන්.
රිය සක ගොනුන් පසුපස එනකොට තව කීදෙනෙක් ඔය වගේ කලබල වෙන අය ඇතිද?
මේ එකෙක් විතරයි .ඔය විදියට තව කොච්චර ඉන්නවා ඇත්ද. ඒ හැම එකාගෙන්ම හොරාකාපුවා අයකර ගැනීමට නිතියෙන් හෝ කටයුතු කළ යුතුයි .කෝටි ගණන් බදු නොගෙවා පැහැර ඇරපු අයත් ඉන්නවා.