IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 12 ක් අද (26) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

ඒ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් අදාල නිවස පරික්ෂා කර එහි තෙවැනි මහලේ පරෙවි කූඩුවක සගවා තිබියදී ගිනි අවිය සොයා ගෙන ඇත.

ඒ වන විට නිවසේ සිට ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවකු වන අතර පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

එම සිසුවාගේ පියා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවද එම පිස්තෝලය පියා පරිහරණය කල එකක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ද වන එම පියා හා ඔහුගේ බාල පුතු පාසලට රැගෙන යන අතරවාරයේ එම දෙදෙනාම මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඔහුගේ බිරිද ද කකුලේ අස්ථි බිදී යාමක් හේතුවෙන් මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියති.

මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කිරීමට පෙර මිය ගිය පුද්ගලයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ ද සේවය කර ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.

චෙකොස්ලෝවෙකියාවේ නිෂ්පාදිත අදාල පිස්තෝලය ආරක්ෂක අංශයට අයත් එකක් ද එසේත් නොමැති නම් නීතිවිරෝධී ගිනි අවියක් ද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

 



අදහස් (0)

මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site