IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට

(අංජුල මහික වීරරත්න)

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසීය.

ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලයේ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව විදේශිකයන්ට ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමට හැකි බවද අමාත්‍යවරයා කීය.

 



අදහස් (7)

මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට

Sam Thursday, 26 September 2024 09:51 PM

පෙර වැරදිකරුවන් විසින් දූෂිත නීති නිවැරදි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. මධ්‍යම මිනිසා අල්ලස් නොගැනීම නිසා පෙර ක්‍රමය පහසු සහ ඉතා ලාභදායී විය.

:       0       5

පිටරැටියා Thursday, 26 September 2024 09:52 PM

සතුටුදායක ආරංචියක් .වීසා අවුල නිසා ලංකාවට එන්ඩත් එපා වෙලා හිටියේ?

:       1       6

දෙවෙනියාගේ සිතුවිලි Thursday, 26 September 2024 09:55 PM

අම්බෝ, ලොක්ක ඩවුන්, මට හිරේ යන්න බෑ ...

:       0       3

Nimal Silva Friday, 27 September 2024 02:41 AM

බොහෝ රටවල් තම ආර්ථිකය සංචාරක ක්ෂේමයේ පදනම් කරගත් විට, විදේශීය සංචාරකයන්ට ඒ රටවල් වෙත පැමිණීමේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා free වීසා ලබා දීමේ ක්‍රමවේද භාවිතා කරයි. මෙවැනි අවස්ථාවලදී, ව්‍යූහගත නීතිමය බාධක ඉවත් කිරීම සංචාරකයන් ආකර්ෂණය කිරීම ඉතා වැදගත්. Free වීසා සැලසුම් කිරීම විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ විදේශීය සංචාරකයන් මාලදිවයින සහ Bali වැනි ජනප්‍රිය ගමනාන්තයන් වෙත යාම වැලැක්වීමටය. අප රටේ සංචාරක ව්‍යාපාරයට ගෝලීය තරඟකාරීත්වයක් තුළ ඉදිරියට යාම සඳහා, මෙම ගමනාන්තයන් සමඟ තරඟ කිරීමට, free වීසා මඟින් සංචාරකයන්ට වැඩි ආකර්ෂණයක් ලබා දිය හැක. උදාහරණයක් වශයෙන්, වීසා ගාස්තුව ඩොලර් කිහිපයක් පමණ වේ. කෙසේ වෙතත්, එම සංචාරකයන් රට තුළදී වියදම් කරනුයේ දහස් ගණන් ඩොලර් වන අතර, එය රටේ ආර්ථිකයට සැලකිය යුතු වාසියක් ලබා දෙන බව පැහැදිලිය. මේ නිසා වීසා ලබා දීමේදී හෝ වෙනත් ඕනෑම කාර්යාලීය බාධක ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

:       0       4

පිටරැටියා Friday, 27 September 2024 11:53 AM

වීසා ප්‍රශ්නේ නිසා ලංකාවට එන එකත් අතහැරලා හිටියේ. කලින් වගේ ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක්?

:       2       5

Bandula Friday, 27 September 2024 12:09 PM

නියමයි! අපේ මාතෘභූමියට සංචාරක පැමිණීමේ වේගය නැවත ලබා ගැනීමට මෙම තීරණය බෙහෙවින් උපකාරී වනු ඇත.

:       0       7

sanath Friday, 27 September 2024 04:51 PM

කරුණාකර රියදුරු බලපත් ප්‍රශ්නේ ගැනත් සොයා බලන්න. ඇමැතිතුමා යන යන තැන කොළ කැබලි සාක්කුවේ දමාගෙන යන එක මහා කරදරයක්..., දැන් අවුරුදු 2 වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site