‘ටෙලිකොම්’ විකිණීමට එරෙහිව රට පුරා විරෝධය ශ්‍රී ලංකා ‘ටෙලිකොම්’ සමාගම පෞද්ගලිකරණය කිරීමට රජය කළ යෝජනාවට එරෙහිව එම සමාගමේ සේවකයන් කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට සහ රට පුරා ටෙලිකොම් උප කාර්යාල ඉදිරිපිට අද (25) විරෝධතා පැවැත්වූහ. 25 November 2022
ධීවරයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 880,000 දෙයි එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය නිවේදනය කළාය. 25 November 2022
සපුගස්කන්ද දිගටම වැඩ කළොත් මිලියන 300ක ලාභයක් සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 November 2022
හර්ෂ බදු ගණනාවක් ගැන කියයි කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග ඇතුළු කරුණු හා පනවා ඇති බදු ගණනාවක් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකඡාවට ලක් වූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් යොදමින් සඳහන් කර ඇත. 25 November 2022
චීනයෙන් මෙරට ගොවියන්ට - ධීවරයන්ට ඩීසල් ප්‍රදානයක් චීනය ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ ගොවියන් වෙනුවෙන් ප්රදානය කළ ඩීසල් ලීටර මිලියන 10.6 රැගත් ’’සුපර් ඊස්ටන්’’ ඉන්ධන ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වී ඇති බවත් එය හෙට (26) කොළඹ වරාය වෙත ළඟා වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 25 November 2022
එම්.ඕ.පීවලට ලුණු කලවම් කරන ජාවාරමක් අල්ලයි ලුණු ලේවායෙන් ඉවත දමන ලුණු එම්.ඕ.පී. රතුකුඩුවලට කලවම් කර ප්‍රමිතියෙන් තොර බාල පොහොර සකස් කරමින් සිටි පුද්ගලයෝ හය දෙනෙක් තිරුක්කෝවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි අත් අඩංගුවට ගනු ලැබූහ. 25 November 2022
දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැය දෙකක් වෙයි එළඹෙන සති අන්තයේ (26 සහ 27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (25) පැවසීය. 25 November 2022
තිළිණිට සම්බන්ධ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුනා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 November 2022
එදා අරගලයට හොඳ කී රනිල් දැන් පෙනේ පුප්පනවා අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු කී රනින් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 November 2022
කාංචන මහජන කොමිසම පතුරු ගහයි විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර කර ඇරි බවත් බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යයි පවසන මොහොතක මෙවැනි කොමිෂන් සභා රටට නොතිබුණා නම් හොඳ යැයි තමාට සිතෙන්නේ මේ නිසා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
අන්තරේ නිහඬ විරෝධතාව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ. 25 November 2022
ක්‍රීඩාවට ඇති දේශපාලන බලපෑම් ගැන චන්ග් විමසයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන අත පෙවීම් තිබේදැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් විමසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. 25 November 2022
පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ භාරදුන්හ. 25 November 2022
ඇඹුල් කෙසෙල් හෙට රට යයි ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි. 25 November 2022
හකීම් පන්සල් ගැන කතා කරයි විදුලිබිල සංශෝධනය දුප්පත් ආගමික ස්ථානවලට දරාගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 November 2022
මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
ජගත්ගෙ වරප්‍රසාද ප්‍රශ්නයට කිරිඇල්ලගෙන් උත්තර තමා මන්ත්‍රීවරුන් 25 දෙනෙක් සමග විපක්ෂයට එන්න සූදානම් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කී ප්‍රකාශය ඔප්පු කළහොත් තමා ඉල්ලා අස් අස්වෙන්න සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 25 November 2022
උත්සව සමයේ ජනතාව රකින්න පාරිභෝගික අධිකාරිය දැළක් එළයි එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොල තුළ සිදුවිය හැකි අකටයුතුකම් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ක්‍රියාවලිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 November 2022
අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ අරඹනවා ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරේ සිට ලබන වසරේ පටන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
පරිසරික හොර ආරක්ෂණ බල පත්‍රයක් ගැන පැමිණිල්ලක් කොළඹ ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වාහන සේවා ආයතනයක් මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පලාත් අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යෙදු ’’පාරිසරික ආරක්ෂණ බල පත්‍රයක්’’ සකස් කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 25 November 2022
ඌවට වැසි ස්වල්පයක් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2022
මහා නාහිමිවරුන්ට එරෙහි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ටත් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන්ටත් දෝෂාරෝපණය කරමින් අපහාස කරමින් තැන්නේ ඥානානන්ද නම් භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ප්‍රතික්ෂේප කර සිටියහ. 25 November 2022
ඕමාන් තුන්වෙනි ලේකම්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරයි මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 24 November 2022
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය වැඩි ඡන්ද 81 කින් දිනයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද අසූ එකකින් පාර්ලිමේන්තුවේ දී අද (24) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 24 November 2022
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්රස්තවාදීන් රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
සල්ලි අච්චු ගැහිල්ල මේ වසරේ අඩුවෙලා මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. 24 November 2022
ඩී. ඒ රාජපක්ෂ 55 වැනි ගුණසමරුවේදී... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 November 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026