ආර්ථික වර්ධන වේගය බහී ඉකුත් වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 1.6 ක පසුබැසීමකට ලක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 29 June 2022
ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් පිටකොටුවේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (29) පැවැත්විය. 29 June 2022
ඉන්ධන ගන්න ටෝකන් එකට පිටින් ආ පොලිසියට විරෝධයක් බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ඉන්ධනහලින් ලබා දුන් ටෝකන්වලට ඉන්ධන නිකුත් කරමින් සිටින අතරතුර පොලිසිය පෞද්ගලික යතුරු පැදිවලට සහ රාජකාරී යතුරු පැදිවලට ඉන්ධන ලබාගැනීමට පැමිණීමත් සමග ටෝකන් ලබාගත් පිරිස ඊට දැඩි විරෝධයක් එල්ල කළහ. 29 June 2022
කටුබැද්දේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක හන්දිය ආසන්නයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි. 29 June 2022
දුම්රිය ඉදිරි දිනවල තවත් අවලංගු වෙයි දුම්රිය සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට ඉන්ධන නොමැතිවීමෙන් ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 June 2022
ගැමියන්ට වෙන් කළ අක්කර 35 තනි පුද්ගයකුට දිලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් දුන් අක්කර තිස්පහක භූමියක් පිටස්තර අයකුට ලබාදීමට විරෝධය පළ කරමින් දිඹුලාගල මලියදේවපුර ගම්මානයෙ පිරිසක් අද පෙරවරුවේ එම ඉඩමට ගොස් ඊට විරෝධය පළ කළහ. 29 June 2022
කන්දකාඩු කඳවුරේ ගැටුමක් වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද උදෑසන අභිරහස් ලෙස මරණයට පත් වීමත් සමග එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි . 29 June 2022
මහාචාර්ය උදිත් කේ.ජයසිංහ යළි වයඹ සරසවියට වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත්.කේ. ජයසිංහ මහතා යළි පත් කර ඇත. 29 June 2022
ගුවන්යානා ඉන්ධන ගෙන්වීම පෞද්ගලික අංශයට ගුවන්යානා ඉන්ධන ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයට අවසරදීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. 29 June 2022
විසි දෙවැනි සංශෝධනය ගැසට් කර සති පහකින් විවාදයට විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කළ හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 June 2022
පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට(30) පැවැත්වීමට නියමිතය. 29 June 2022
225ම මරා ප්රශ්නය විසැඳිය හැකි ද? රටේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා මරා දැමීමෙන් හෝ ඔවුන්ගේ නිවාස ගිනි තැබීමෙන් විසඳිය හැකි දැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. 29 June 2022
ශ්‍රී ලංකාවට ආධාර දෙන හැටි ජුලී චන්ග් කියයි ඇමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්රදානය කරනු ලබන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. 29 June 2022
දුම්රිය අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට දුම්රිය රැසක් ඊයේ (28) පස්වරුවේ සිට අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 29 June 2022
ඉන්ධන පෝලිමේ කුලියට සිටි දෙදරු පියා අනතුරින් මරුට දර්ගා නගරයේ අයි.ඕ.සී ඉන්ධන හලේන් ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයකු ඉන්ධනහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 29 June 2022
චීනය දුන් සහල්වල පළමු තොගය බාර දෙයි චීනය ප්රදානය කරන මෙට්‍රික් ටොන් 10,000 ක සහල් තොගයේ පළමු කොටස චීන තානාපති කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට නිල වශයෙන් භාර දෙනු ලැබිණ. 29 June 2022
පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 29 June 2022
බයිඩන් බිරිඳට-දියණියට රුසියාව තහනම් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත් ඇමෙරිකන් සෙනෙට් සාමාජිකයන් 25 දෙනකුට රුසියාවට පැමිණීම තහනම් කිරීමට රුසියන් රජය තීරණය කර තිබේ. 29 June 2022
අපේ වැඩ බලා විදෙස් රටවල් උදව් කරයි රට හදන වැඩ සටහන ඉදිරිපත් කළ පසු අමෙරිකාව ඇතුළු රවටල් ලංකාවට උදව් කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 June 2022
කටාර්වලින් ණයට ඉන්ධන - ගෑස් ගන්න සාකච්ඡා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය. 28 June 2022
අගමැතිට කාලය දෙන්න අගමැතිවරයාට රටෙි ප්‍රශ්න විසඳීමට කාලය ලබාදිය යුතු යැයි ද කවුරුත් බාර නොගත් අවස්ථාවේ අගමැති ධුරය බාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට දොස් කියා පලක් නැතැයි ද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පැවසීය. 28 June 2022
තෙල් ගන්න ජනපති එමීර් රාජ්‍යයේ සංචාරයක ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 28 June 2022
බස්නාහිර වාහනවල ආදායම් බලපත්‍රවලට සහන කාලයක් රටේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව අවධානය යොමු කර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල පවසයි. 28 June 2022
අයි.ඕ.සී. ඉන්ධන සීමාව තවත් අඩුකරයි ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සීමාව පහළ දමා තිබේ. 28 June 2022
රෙජිස්ට්‍රාර් සේවාත් දින දෙකයි රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාලවලින් සඳුදා සහ බඳාදා දිනවල පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කිරීමට තීරණය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි. 28 June 2022
තැපැල් කාර්යාල සතියට දින 3 යි රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ සියලුම තැපැල් කාර්යාල ලබන මස 10 වැනිදා දක්වා හෝ නැවත උපදෙස් ලැබෙන තෙක් සතියේ දින තුනක් පමණක් විවෘත කරන බවත් සඳුදා දින මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාලවල රාජකාරී සඳහා අවම කාර්ය මණ්ඩල කැඳවිය යුතු බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසයි. 28 June 2022
දින නියමයක් නැතිව ඌව වෙල්ලස්ස සරසවිය වැසේ රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සිදු කරන අධ්‍යයන කටයුතු හෙට (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 28 June 2022
ග්‍රහලෝක පහක් හෙට අලුයම එකම රේඛාවක සෞර ග්‍රහ මණ්ඩලයට අයත්ග්රහ ලෝක පහක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය දැකගැනීමේ හැකියාව මේ දිනවල පවතින අතර, එම සංසිද්ධිය හෙට (29) අලුයම 4.40 සිට හිරු උදාව දක්වා වඩාත් හොඳින් දැකගත හැකි බව ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පවසයි. 28 June 2022
කහ-නිල් ගෑස් ගාල්ල ක්‍රිකට් පිටිය වටලයි ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ. 28 June 2022
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක් ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය. 28 June 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026