(අංජුල මහික වීරරත්න)
ගොයම් පැලයක් , පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ පත් කර තිබෙන්නේ ඇයි දැයි කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ගෙන් විමසීය.
2023 වර්ෂයේ දී මෙරට පශු සම්පත් අංශයේ කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.
රාජ්‍ය අංශයේ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා ඇතැම් නිලධාරීන් මහජනතාවට සේවාවන් සැපයීමට අත්‍යවශ්‍ය ස්ථානවලට පත් නොකිරීම නිසා ජනතාව මෙන්ම රජයත් අපහසුතාවයට පත්වෙන බැවින් දැනට සිදු කර තිබෙන එවැනි පත් කිරීම් අත්‍යවශ්‍ය ස්ථාන වෙත අනුයුක්ත කරන ලෙස ද අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙන්න ,මෙයා නින්දෙන් ඇහැරිලා .දැන් කවුද ඔය පත්වීම් දීලා තියෙන්නේ ,අපිද ?චන්දය බලාගෙන කරපු අලුගුත්තේරුකම් වලට ආයතනයේ ඉන්න නිලධාරීන් ගෙන් උත්තර අහන්න එපා මෝඩයෝ .ගිහිල්ලා අහනවා අර සබිතාපයට කෝටි ගණන් ගෙව ගෙවා ආතල් ගත්තු තට්ට පුතා ගෙන්
ඕවා මොනවද?තව රජයේ කාර්යාලයක පරිගණක සම්බන්ධයෙන් සේවකයෝ අතිරික්තයක් ඉන්න තැනක .පරිගණක 400 ක දූවිලි පිහදාන්න විතරක් කෝටියක් දෙනවා අවුරුද්දට
නිළධාරින් බලුවී දේශපාලුවො රජවූ අවස්ථාවක් කියලා කියන්න පුළුවන් ඇත්තටම රටේ නගරවලට සම්බන්ධ ග්‍රාම නිළධාරි වසම් වලට කොහොමවත් සංවර්ධන නිළධාරින් කෘපනිසලා අවශ්‍ය නැහැ මේවාට සේවක සංඛ්‍යා අනුමත කරන බලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය මෙහෙම සේවකයින් පත්කර ගෙන පොහොර විකුණා පඩිගෙව්වෙ කියලා මහ උජාරුවට කියනවා.මිනිසුනේ දැන්වත් සේවක සංඛ්‍යා සමාලෝචනය කර අනවශ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමට හෝ ඉවත්කිරීමට කටයුතු කරන්න
ඇයි තට්ටු ගොඩනැගිල්ලක් නැති පල්ලෙබැද්ද රජයේ රෝහලට ලිෆ්ට් ඔබරේට කෙනෙක් අරගෙන තිබුනෙ. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.