IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාදුනන පිරිසක් කප්පම්කරුවකුගේ නිවෙසට ගිනි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඩුබායි රටට පලාගොස් සැඟවී සිටිමින් එරට සිට සිය ගෝලබාලයන් යොදවා කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බව කියන හීනටියන මහේෂ් නැමැත්තාගේ කටුනායක පොලිස් වසමේ පිහිටි හීනටියන ගෝනමඩිත්ත ජනපදයෙ පිහිටි එම පාතාල නායකයාගේ වසා දමා ඇති නිවසට අවිගත් කණ්ඩායමත්  අද අලුයම කඩාවැදී ගිනි තබා පලාගොස් ඇතැයි කටුනායක පොලිසිය පවසයි.

මෙම ගිනි තැබීමෙන් එම පාතාල නායකයාගේ නිවසට දැඩි ලෙස අලාභානි සිදු වී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

මුහුණු ආවරණය කරගෙන හෙල්මට් සහ කළු පැහැති ජැකට් හැද සිටි අට දෙනෙකුගෙන් පමණ සමන්විත අවිගත් කණ්ඩායමක් මුලින්ම හීනටියන මහේෂ් නැමැත්තාගේ නැගණියගේ නිවසට අද අලුයම් කාලයේ කඩාවැදී ඇය හා සැමියාබිම දණ ගස්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

හීනටියන මහේෂ්නැමැත්තා ඩුබායි සිට මෙහෙය වන කප්පම් ගැනීම් හා මනුෂ්‍ය ඝාතන නතර කර දමන ලෙසට ඔහුට දැනුම් දෙන ලෙස තර්ජනය කරඑම පාතාල යගේ නැගණියට සහ සැමියාට මෙම සන්නද්ධ කණ්ඩායම මරණීය තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටින නිවසට යාබදව පිහිටි හීනටියන මහේෂ් නැමැත්තාට අයත් වසා දමා ඇති නිවසට එම සන්නද්ධ කණ්ඩායම ගිනි තබා ඇත්තේ ඉන් අනතුරුව යැයි පොලිසිය පැවසීය.

 



අදහස් (3)

නාදුනන පිරිසක් කප්පම්කරුවකුගේ නිවෙසට ගිනි තියලා

ලුම්බිණි Thursday, 12 January 2023 04:42 AM

ඔක්කොම හොරුන්ට නිජබිම තමයි ඩුබායි.

:       1       6

fairoos Thursday, 12 January 2023 12:58 PM

පොලීසියේ විශ්වාසය නැතිවෙනකොට ජනතාව නීතිය අතට ගන්නවා

:       0       4

Mr Don Thursday, 12 January 2023 01:27 PM

හොඳ වැඩක්. තවත් පාතාලකරුවන්ට ඔවැනි දේවල් කරන්න ඕනි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site