(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නඩු භාණ්ඩ වශයෙන් කල්පිටිය සංචාරක උසාවි භූමියේ ගාල් කර තිබූ ලොරි රථයක හා ත්‍රිරෝද රථයක බැටරි දෙකක් ගලවා අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයකුට විකුණු බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය සඳහන් කරයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කල්පිටිය පොලීසියට අනියුක්තව රාජකාරි කරන කල්පිටිය සංචාරක උසාවියේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකි. මෙම බැටරි දෙක රුපියල් 4500 ක මුදලකට විකුණා ඇති බවත් එම මුදල පසුව ලබා ගැනීමට නියමිතව සිට ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් කොස්තාපල්වරයා විසින් ලබා දුන් බව කියන මෙම බැටරි දෙක මිලදී ගත් බව කියන අබිලි යකඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයා සහ එම බැටරි 2 ලොරි රථයක පටවාගෙන සිටි එම ලොරි රථය රියදුරා ද සැකපිට සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා හොඳයි යුනිෆොම් ඒක ගලවලා ඇඟ වික්කනම්
පොලිසිය අරගෙන යන වාහන වලට සමහර පොලිසි වලදි ඕක වෙනවා ඉස්සරත්. 1989දී අපට ඔය දේම වුනා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකින්. කොල්ලකා ගෙන ගොස් පාරේ දමාගිය වාහනය පොලිසියට පදවාගෙන ගියත් දවස් දෙකකට පසු උසාවියට ගෙන ගියේ ඇදගෙන. බැටරිය, සීට්, හොඳ ටයර්,පැති කණ්ණාඩි ඔක්කොම අරගෙන හෝ මාරුකර තිබුනේ.
හිඟන පොලිස්කාරයින්...