(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගොවි ජනතාවට විදේශ ආධාර වශයෙන් ලබාදී තිබෙන යූරියා පොහොර තොග එක්තරා ජාවාරම්කරුවන් පිරිසක් ඉතා සූක්ෂම අයුරින් බහාලුම් පිටින් සමාගම් සහ කර්මාන්ත ශාලා වෙත විකිණීමට පිඹුරුපත් සැකසීමේ වෑයමක් සම්බන්ධයෙන් අනාවරණය වන බව ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
යුරියා පොහොර කිලෝ 50 ක මිටියක සාමාන්‍ය මිල රුපියල් 19500 - 20000 වන අතර එම පොහොර මිටියක් රුපියල් 16500 ක් වැනි අඩු මුදලකට එම ජාවාරම් කරුවන් විසින් විකිණීමට උත්සාහ දරා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ගොවි ජනතාව වෙත ලබාදීම සඳහා ආධාර වශයෙන් ලද එම පොහොර තොග කන්ටේනර පිටින් තැන තැන සඟවා ජාවාරම් කිරීමට උත්සාහ දරා ඇතත් පොහොර ආනයනය කිරීමට නීත්‍යානුකූල බලය හිමි සමාගම් සහ පොහොරවලින් නිෂ්පාදන කටයුතු කරන ප්‍රධාන කර්මාන්ත ශාලා හිමිකරුවන් බලපත්‍ර ඉල්ලා සිටීම නිසා ජාවාරම්කරුවන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී පොහොර තොගවලට කුමක් කරන්නේ දැයි කර කරකියා ගන්නට දෙයක් සිතාගත නොහැකි ජාවාරම්කරුවන් අතරමංව සිටින බව දැනගන්නට ඇත.
ඊට අමතරව පොහොර ආනයනය කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේන් අවසර ලබාදී තිබූ එක්තරා ලියාපදිංචි සමාගමක වෙළඳ නාමය අනවසරයෙන් භාවිතා කරමින් යූරියා පොහොර තොග විකිණීමට තිබෙන බවට එම ජාවාරම්කරුවන් විසින් මුහුණු පොත හරහා ද දැන්වීම් පළ කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් එම සමාගමේ හිමිකරු නීතියේ පිහිට පැතීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙවැනි කටයුතු සිදු නොවීමට / නොකිරීමට දඩුවම් ලැබිය යුතුවේ. එම දඩුවම මගින් වෙනත් ජාවාරම් කරුවන්ටද පණිවුඩයක් ලබදීමට සිදුවිය යුතුවේ
ඇමතිවරයාගෙ නම දාන්නකො.
රනිල් රාජපක්ෂලාගේ මේ ආණ්ඩුවේ හැමතැනින්ම හොර වැඩ විතරයි කෙරෙන්නේ