(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහකට ආසන්න පිරිසක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය බව ලෝක බැංකු සමීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි දීමනාව ලබාදී මඩිය තර කර ගන්නා දූෂිත නිලධාරීන් පිරිසක්ද රටේ සිටින බව එම කමිටුව සඳහන් කළේය.
මෙම දීමනා විනිවිදභාවයකින් යුතුව ගෙවීම සඳහා නිවැරදි දත්ත සහිත ලේඛනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බව මුදල් කාරක සභාව පැවසුවේය.
නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සුභ සාධක ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයක් සකස් කිරීම ප්‍රමාදවී ඇතැයිද එහිදී තොරතුරු හෙළිවිය.ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය මතුව ඇතැයිද සඳහන් විය.
සමෘද්ධිලාභීන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු දෙන නිලධාරීන් දඬුවමකට යටත් කළ හැකි බව පැවසූ කමිටුව නිවැරදි දත්ත ලේඛනයක් පවත්වාගෙන යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක්ද වන හෙයින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ප්‍රකාශ කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
මේ සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහන් ප්‍රදීප් විතාන සහ නීතිඥ මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අසාර්ථක භාවයට තව හේතුවක් තමයි, ඕනෑම ක්‍රමයක් හදුන්වා දුන් පසු, එය අවභාවිතා කිරීම. දැන් එය අධික ලෙස වර්ධනය වී ඇති නිසා, ක්‍රම හදුන්වා දීම පවා ප්‍රශ්නයක් වී ඇත. රට ඇත්තටම හැදීමට අවශ්‍ය අය සමාජයේ ඇත්තටම සොයා ගැනීමට නොහැකි අතර, ඔවුන් ඇත්තේ සමාජ ජාලා සහ online platform වල පමණයි.
ඔය නිලධාරින්ගෙන් ඇහුවම කියයි එ 40% ම ආවෙ පලාතෙ ඉන්න දේශපාලුවගෙ චිට් එකක් අරගෙන කියලා.. එකට මොකද කරන්නෙ කියන්නකො??
ඒකත් ලෝක බැංකුව තමයි සොයාගෙන තියෙන්නෙ . රටේ ජනතාව දන්නවා වුනත් තොරතුරු දුන්නොත් සමුර්ධි දීමනා කපන නිසා තොරතුරු නොදෙනවා කියලා කියන්න පුළුවන් ඒ අතර තමන්ට පවරන රාජකාරි ඉටුකිරීමට රජයේ නිළධාරින් /සේවකයින් බැදී සිටින නිසා රාජකාරි අතපසු කරන (ඇත්තටම සමුර්ධි නෝනලා මහත්තුරු කරන්නෙ මොනවාද කියලා මම නම් දන්නෙ නැහැ ඔවුන් යම් සේවයක් කලානම් සමුර්ධි ආරම්භ කර අවුරුදු 29 වන මේ වසර වනවිට රට කොතරම් සමුර්ධිමත් වෙන්න ඕනද ) අයට රාජ්‍ය සේවයේ නියමිත දඩුවම් දියයුතුය
අත්‍යවශ්‍ය වැඩිහිටියන්ට සහ ආබාධිත අයට සුව නොවන අසරණවූ රෝගීන්ට ගෙවන දීමනාව හැර අන් සියලු නිදහස් දීමනා නවත්තන්න. ලංකාව පිනට කන්න කැමති ජාතියක්....
ඒ නිසයි ජෙප්පෝ 3% වැටුනේ.