(යොහාන් භාසුර)
දෛනික දුම්රිය ගමන්වාර 42 ක් දින නියමක් නොමැතිව හෙට (12) සිට අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් ගත් තීරණය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අවලංගු කර තිබේ.
සේවක හිඟය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම පිළිබඳව ජනමාධ්‍යවල පළවීමෙන් පසුව අමාත්‍යවරයා දැනුවත් වී දුම්රිය අවලංගු නොකරන ලෙස අද රාත්‍රී උපදෙස් දී ඇති බවත් එසේ වුවද හෙට දිනයේ දුම්රිය රැසක් අවලංගු වීමේ දැඩි අවධානමක් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසයි.
මෙම වසරේ ගතවූ දින 11 තුළ දුම්රිය ගමන්වාර 300 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව ද වෘත්තීය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවකයින් ට ජේ.ආර්. මහතා හොඳ දඬුවමක් දුන්නා. දැනුත් නැවත කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවෙමින් පවතින වගක් දැනෙනවා. හොර මගඩි වලට වසර ගානක ඉඳන් හුරුවුණු රාජ්‍ය සේවකයින් හදන්න හරි අමාරුයි . වයසක අය මෙච්චර කාලයක් කියාගෙන හිටියෙ මොකද ? තරුණ තරුණියන්ට ඇයි ඒවට පුහුණු කර නොගන්නෙ ?
ඔහු හොඳ එන්ජින් රියදුරෙක් විය හැක
ඇමතිගේ ගොන් සංදර්ශණයක්. වීරයෙක් වෙන්න මවා පෑමක් කරනව.
ඔය රෝස්ටර්ස් ඔක්කොම නැවත සලක බලා අලුතින් හදන්න. සුද්දා ගෙනාපු කාලේ ගල් අඟුරු දුම්රිය දුවන්න හදපු රෝස්ටර්ස් තාම තියෙන්නේ. මඩකලපුවට යන දුම්රියේ රියදුරන් දෙපාරක් මාරු වෙනවා. මේවා තනිකර අකාරයක්ෂම ක්‍රම. වුර්තීය සමිති මේවා තමන්ගේ පහසුවට හදාගෙන අදික ලෙස OT ගන්නවා. කවුරු බලයට ආවත් මෙවැනි අකරයක්ෂම ක්‍රම ඉවත් කරනකන් මේ ලංකාව මෙතනම තමයි. සිංගප්පූරු ඉදලා එන flight එකේ crew ඉස්සර වගේ නෙවෙයි, දැන් මෙහෙ නවතින්නේ නැහැ, ආයේ ෆ්ලයිට් එක අරන් සිංගප්පූරු යනවා. ලෝකේ වෙනස් වෙනවා. අවම ශ්‍රමයෙන් වැඩ කරනවා, ලාභ ලබනවා, ඊට පස්සේ ඉන්න සේවකයන්ගේ පඩි වැඩි කරනවා. එකයි ක්‍රමය. මෙහෙ ගොඩගහගන්නවා, අතෘප්තිමත්, සතුටක් නැහැ, අවසානයේ සියල්ල ගිලෙනවා.