(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවහොත් හැරෙන්නට ඔහු මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වීමට මැතිවරණ කොමිසමට කිසිඳු බලයක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ඉහත කරුණ සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් බාර නොගන්නා ලෙස දිසාපතිවරුන්ට නිකුත් කළ ලිපිය පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවා කරුණු විමසන බවටත් ඒ ලිපිය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගැනීමට අපේක්ෂා කරන බවටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයා මගහැර ගොස් වෙනත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුගේ උපදෙස් ගැනීම නීතිමය වශයෙන් බලවත් වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ද රජයට සිදුවෙනු ඇතැයි ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ රජය හෝ කිසිම බලපෑමක් මැතිවරණ කොමිසමට කර නැතැයි ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
රජයට ලැබෙන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීම තවමත් ඒ ආකාරයෙන් පවතින බවට රජය නිරීක්ෂණය කර ඇතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ තීරණ සමස්ත කොමිසමේ තීරණ නොවෙතියි ද කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල පූර්ව ක්‍රියාමාර්ග කිසිවක් කොමිසම විසින් නොගත් බව පෙනෙන්නේයැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා නාම යෝජනාව කැඳවිය යුත්තේ ඊට අදාල සියලූ පූර්ව පියවර ගැනීමෙන් පසුව බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් එකට විතරක් බලය තියනවා කියලා හිතාගෙන ඉන්න හාල් කෑල්ලක්
ඒ ප්‍රකාශ කළ පුද්ගලයාට නමක් නැද්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඊ (1), 104ඊ (2), 104 උ ව්‍යවස්ථා අධ්‍යනය කිරීම වටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව සතු, පරමාධිපත්‍ය බලයට කරන අනීතික බලපෑම කොතෙක්ද යන්න එමගින් වැටහෙනවා ඇත. පුදුමය නම් ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී මෙවැනි ප්‍රකාශ කිරීමයි...
එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවට නීති නිලධාරි තනතුරක් නැද්ද? එහෙනම් ඒකත් නුසුදුසු දෙයක් කියලා තමයි කියන්න වෙන්නේ...!