IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජ්‍ය පරිපාලන ලේකම් ගෙන්වන්න කොමිසමට බලයක් නෑ

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුවහොත් හැරෙන්නට ඔහු මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වීමට මැතිවරණ කොමිසමට කිසිඳු  බලයක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කොමිසම හමුවට කැඳවීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරයා ඉහත කරුණ සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් බාර නොගන්නා ලෙස දිසාපතිවරුන්ට නිකුත් කළ ලිපිය පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කැඳවා කරුණු විමසන බවටත් ඒ ලිපිය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගැනීමට අපේක්ෂා කරන බවටත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයා මගහැර ගොස් වෙනත් ජ්‍යෙෂ්ඨ  නීතිඥවරයකුගේ උපදෙස් ගැනීම නීතිමය වශයෙන් බලවත් වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ද රජයට සිදුවෙනු ඇතැයි ද ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරයා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ රජය හෝ කිසිම බලපෑමක් මැතිවරණ කොමිසමට කර නැතැයි ද ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

රජයට ලැබෙන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීම තවමත් ඒ ආකාරයෙන් පවතින බවට රජය නිරීක්ෂණය කර ඇතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ  අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ තීරණ සමස්ත කොමිසමේ තීරණ නොවෙතියි ද කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල පූර්ව ක්‍රියාමාර්ග කිසිවක් කොමිසම විසින් නොගත් බව පෙනෙන්නේයැයි සඳහන් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා නාම යෝජනාව කැඳවිය යුත්තේ ඊට අදාල සියලූ පූර්ව පියවර ගැනීමෙන් පසුව බව ද සඳහන් කළේය.



අදහස් (4)

රාජ්‍ය පරිපාලන ලේකම් ගෙන්වන්න කොමිසමට බලයක් නෑ

Aravinda Monarawila Thursday, 12 January 2023 01:40 PM

කැබිනට් එකට විතරක් බලය තියනවා කියලා හිතාගෙන ඉන්න හාල් කෑල්ලක්

:       7       25

Prashad Thursday, 12 January 2023 03:24 PM

ඒ ප්‍රකාශ කළ පුද්ගලයාට නමක් නැද්ද?

:       2       10

Ariyathilaka Thursday, 12 January 2023 06:04 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඊ (1), 104ඊ (2), 104 උ ව්‍යවස්ථා අධ්‍යනය කිරීම වටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව සතු, පරමාධිපත්‍ය බලයට කරන අනීතික බලපෑම කොතෙක්ද යන්න එමගින් වැටහෙනවා ඇත. පුදුමය නම් ව්‍යවස්ථාව රකින බවට දිවුරුම් දී මෙවැනි ප්‍රකාශ කිරීමයි...

:       0       1

චමින්ද Thursday, 12 January 2023 06:44 PM

එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවට නීති නිලධාරි තනතුරක් නැද්ද? එහෙනම් ඒකත් නුසුදුසු දෙයක් කියලා තමයි කියන්න වෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site