(ප්‍රියන්ත දසනායක)
මාපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනඟා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි බවට ලිපියක් ලියා තබා අකුරැස්ස පරදුවවේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.
විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරු මෙම තරුණයාගේ සිරුරු වහළයේ එල්ලෙමින් තිබියදි නැදෑහිතවතුන් ඔහු අකුරැස්ස රෝහලට රැගෙන ගොස් තිබූ අතර රෝහලට යන විටින් මියගොස් තිබූ බබත් වෛද්‍යවරු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ තරුණයෙකි. පසුගියදා පෙදරේරුවකුගේ අත්උදව්වට ගොස් තිබුණේ කෙසේ හෝ ජීවිතය ජය ගැනීමටය. කොරියන් විභාගයෙන් ලකුණු 5ක් අහිමි වීමේ නිසා සිත්තැවුලෙන් සිටි බවට තොරතුරු ලැබුණු බව පොලීසිය සදහන් කරති.
දරු තිදෙනාගෙන් වැඩිමහල් පුතු වන කසුන් අංජන පවුලේ බර කර මත තබා ගෙන සිය සිත් පරිදි මාපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පැවැසුවාය.
සිය බාල සොහොයුර භාණ්ඩ බෙදාහැරින ස්ථානයක තාවකාලික රැකියාවක යෙදෙන අතර බාල සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටිනා බවයි ඔවුහු පවසති.
සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය බව ද පවුලේ ඥාතීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි .අපේ තරුණ පරම්පරාව විඳින දුක් දැක්කම .රාජපක්ෂලාට දැන් සැප ඇති
මෝඩ වැඩක්
අපේ රට පාලනය කරන උන්ට මේක කිසිම ගානක් නැහැ. ඇත්තටම හරිම දුකයි.
කොලඹ කානිවල් දාල වසන් කරන්න හදන ලන්කාවෙ තරුණ පරපුරේ ඛෙදවාචකය.. නාකි මල පෙරේතයන්ට රටම පිදේනි තටුවක තියලා දුන්න එකේ විපාක යන දුර තමයි මෙ.. දෙමව්පියනි, ඔබෙ චන්දය දෙන විට ඔබෙ දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න.. චන්දෙ ඉල්ලන උන්ගෙ සහ උන්ගෙ පක්ශ වල අනාගතය වෙනුවෙන් ඔබෙ ආත්මය පාවා නොදෙදෙ.. .
මෙහෙම දේවල් වෙන්නෙ ලංකාවෙ පවතින අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතා නිසා කියලා හිතෙනවා මොකද බලන්න අපි අපේ දරුවො කොහොම හරි පාසලකට ඇතුළත් කරන්නෙ කොපමණ බොරුබේගල් කරලද.පළමු වසරට ඇතුළත් කරන්න ඉල්ලීම කර ශිෂ්‍යත්ව දක්වා යනවා සමත්වුනොත් තවත් ඉල්ලුම් පත්‍රයක් දමා නැවතත් ඇතුළත් වීමට (සිටි පාසැලටත්) ගාස්තු ගෙවල යනවා සාමාන්‍ය පෙළ සමත්වෙලා නැවතත් ඉල්ලීම් කර ගාස්තු ගෙවල උසස් පෙළ සදහා ඇතුළත් වෙනවා උසස් පෙළ අය නැවතත් ඉල්ලුම් කර විශ්ව විධ්‍යාලවල අධ්‍යාපනයට යනවා ඇත්තටම මේ විකාර' මොනවාද සමහර දියුණු රටවල් දරුවො පාසැලට ඇතුළත් වුනාට පස්සෙ අදාල විභාගයට අවුරුදු 16 දී පෙනී සිට ගන්න ලකුණු අනුව එක් එක් විශ්ව විද්‍යාල සදහා රජය මගින්ම යොමුකිරීම කරනවා කියනවා( ලකුණු සියයෙන් අනූවක් ගතහොත් වයිද්‍ය විද්‍යාලය වගේ දෙනවා) ඒ අනුව සෑම කෙනෙකුටම කුමක් හෝ රැකියා පුහුණුවක් ලැබෙනවා අපේ රටෙත් එහෙම වුනාම කොපමණ හොදයිද .ඇයි ලංකාවට එහෙම කරන්න බැරි .නුවනැත්තෝ සිටීනම් සිතත්වා
මතු උපදින ආත්මෙකදි හෝ ඔබගේ බලාපොරොත්තු ඉටුකර ගත හැකි රටක ඉපදේවි මල්ලි.......!!!!
රාජපක්ශ පුතුන් සැපසේ වෙසෙනවා ආතල් ගන්නවා . උන් කෑ රටේ තරුණ පරම්පරාවට බෙල්ලෙ වැල දාගන්න සිද්ධ වෙලා තියෙන්නෙ.
අපේ මේ සුන්දර මාතෘභූමිය තුළ උපදින්න සුවිශේෂි පුන්‍යවන්ත කමක් තිබිය යුතුයි. එවන් උතුම් රටක් දූෂිත,අදූරදර්ශී,උද්ධච්ච දේශපාලකයන් මිහිපිට අපායක් කර ඇත. මොවුන්ගෙන් මිදෙනතුරු මෙවැනි අහින්සක තරුණ තරුණියන්ට මෙයට වඩා අත්වන ඉරණමක් නම් නැත.
ඉතාම කනගාටුයි .මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු විනාශයේ ප්‍රතිපල
ඉතාමත් කණගාටුදායක සිදුවීමක් නිවන් සුව. මේක ශ්‍රී ලාංකිකයන් ගොඩක් බලන නිසා මම මේ ප්‍රශ්නය අහන්නේ ඔයාල හැමෝගෙන්ම, මේ කාලකන්නි දේශපනකයන්ගෙන් රට බේරගන්න අවශ්‍ය බව අපි හැමෝම දන්නවා එත් චන්දයකදී අපේක්ෂකයෝ විදියට අපි හැමදාම දකින්නේ මේ නාකි ටික හරි උන්ගේ පවුල් වල අය හරි. අපේ සමහර මිනිස්සු තාමත් මුන්ට කඩේ යනවා පුද්ගලික වාසි බලාගෙන. බුද්ධිමත්, රට හදන්න ඕන මනුස්සයෙක් චන්දෙ ඉල්ලනවා දැකලම නෑ ඇත්තටම. අපි එකට මොකද කරන්න ඕන. කොහොමද හරි මිනිස්සු ටිකක් ගේන්නේ.
මෙහෙම වෙන්නේ විශාදය නිසා. අපේ අධ්‍යාපන ක්‍රමයේ මානසික සෞඛ්‍යයට තැනක් නෑ. ඇත්තටම බුදුදහම නිවැරැදිව උගන්වනවා නම් සහ පිළිපදිනවා නම් මැරෙන්න හිතන්නේ නෑ. මොකද බාහිර කරදරකාරි හේතු නිසා අපි විඳවන්න හිතන්නේ නෑ. කොපමන දුක් ආවත් සැහැල්ලු මනසින් ඒවා දරාගන්න පුරුදුවෙනවා සහ ධෛර්යයෙන් ජීවිතය ඉදිරියට අරගෙන යන්න හිතනවා.
තරුනයන් සුරංගනා ලෝකවල ඉන්නව අවශ්‍ය දේවල් නොවේ ඉගෙන ගන්නෙ අනෙක රට යන්න ඔනෙ නම් එ රට්වල් වලට අවශ්‍ය දැනුමයි හදාගන්න ඔනෙ බෞද්ධ සන්ස්කෘතිය දේශපාලන විද්‍යව සිංහල වගෙ දේවල් ඉගෙනගත්තට රට රැකියා වලට ගන්නෙ නෑ ,විදේශ භාශාවක් උදා- හින්දි, කොරියන්, ඉංග්ලිෂ් වගෙ දෙයක් මුලික්වම ඔනෙ. ඊට අම්තරව රුප්ලාවන්‍ය ,හොටෙල්, වෙල්ඩින් වගෙ කෙෂේත්‍ර වල හොද නිපුනතාවයක් ගන්න ඔනෙ.
මේ වගේ රටක ඔහොම වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද හොඳට ඉගෙන ගත්තත් කරන් ජොබ් එකක් නැහැ.