
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරයින් මත්කුඩු සමග කාන්තාවක් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520 ක් හා හොරයින් මත් කුඩු ගෑම් 202 ක් විද්‍යුත් තරාදියක් , බැංකු පොත් තුනක් පොලිසිය භාරයට ගෙන ඇත
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පවත්වමින් සිටියදී එම ඝාතනය මෙහෙය වූ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඒ අනුව සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය කියයිත.
සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කුඩු එසැනින් විනාශ නොකරන්නේ. නඩු භාණ්ඩ විදියට ඕනේ නම් ,කිරල ,මැනලා , රසපරීක්ෂක ඉස්සරහ මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්න පුළුවන් . පොලිසියේත් ඉන්නවා හොරු, නාකොටික් එකේ කුඩු පන්නපු සෙට් එක වගේම, නඩු භාණ්ඩ වලට තිබ්බ කුඩු පිටි වෙන පුවත් අපි දැකල තියෙනවා. පොලිසියෙන් මේවා ඇල්ලුවාට වැඩක් නැහැ ආයෙත් මාකට් එකටම එනවා නම්
අල්ලන තොග වල හැටයට මිනිසුන් කුඩුවලින් රොටී කනවද කියලා හිතෙනවා.