(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉතාලියේ හොරකොරසෙ වික්ටෝරියා මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයකු මියගොස් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ
මෙසේ මියගොස් ඇත්තේ නාපෝලි නගරයේ පදිංචිව සිටි ශනිල්ක නිවන් දුල්ෂාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි'
දුල්ෂාන් නැමැති තරුණයා පදවාගෙන ගිය යතුරු පැදියේ පසුපස අසුනේ ඔහුගේ මිතුරකු ගමන් කරමින් සිට ඇත
මෝටර් රථයක ගැටීමෙන් දුල්ෂාන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි
මෝටර් රථය පදවාගෙන ගිය විසි හැවිරිදි ඉතාලි ජාතික තරුණයා ද මෙම මාරක අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉතාලියෙන් ලැබෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ ජීවිතය ගැන කණගාටුයි.. මිලාන් සිටින අය කුරුණෑගල ඇසිඩ් ජිනේගෙන් පරිස්සම් වෙන්න. මෙය අවවාදයකි.