(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් යැයි මහභාණ්ඩාගාර නිලධාරීහු මැතිවරණ කොමිසමට දැනුම් දුන්හ.
මහභාණ්ඩාගාර නිලධාරීන් ඉහත දැනුම් දීම කරනු ලැබූවේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදීය.
මැතිවරණ කොමිසම කළ කැඳවීමකට අනුව භාණ්ඩාගාර නිලධාරින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජික මණ්ඩලයත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමත් මුණ ගැසී තිබේ.
එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසා ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට පූර්ණ විග්‍රහයක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිළධාරිනී අප නොමිලේ මැතිවරණ රාජකාරි කරමු ද?
එතකොට අපේ ගව පට්ටිය පවත්වාගෙන යන්න සල්ලි තියෙනවද?
නොදුන්නත් අපිට කමක් නැහැ. මොන ලාභයකටද ? මොන ප්‍රයෝජනයකටද? චන්දයට වියදම් කරන සල්ලි වලින් බෙහෙත් ගෙන්වන්න.