IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දෙට සල්ලි දෙන්න වෙන්නේ ටික ටික

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පවත්වන්නේ නම් මැතිවරණ කොමිසම ඉල්ලන මුදල දිය හැක්කේ එකවර නොව කොටස් වශයෙන් යැයි මහභාණ්ඩාගාර නිලධාරීහු මැතිවරණ කොමිසමට දැනුම් දුන්හ.

මහභාණ්ඩාගාර නිලධාරීන් ඉහත දැනුම් දීම කරනු ලැබූවේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසමේ සාමජිකයන් හා නිලධාරීන් මුණ ගැසුණු අවස්ථාවේදීය.

මැතිවරණ කොමිසම කළ කැඳවීමකට අනුව භාණ්ඩාගාර නිලධාරින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඇතුළු එහි සාමාජික මණ්ඩලයත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක ඇතුළු නිලධාරී කණ්ඩායමත් මුණ ගැසී තිබේ.

එහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයිය හැකි ආකාරය ගැන විමසා ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්  පවතින මූල්‍ය දුෂ්කරතා ගැන මැතිවරණ කොමිසමට  පූර්ණ විග්‍රහයක් කර තිබේ.



අදහස් (4)

ඡන්දෙට සල්ලි දෙන්න වෙන්නේ ටික ටික

ana Thursday, 12 January 2023 02:09 PM

රාජ්‍ය නිළධාරිනී අප නොමිලේ මැතිවරණ රාජකාරි කරමු ද?

:       4       13

fairoos Thursday, 12 January 2023 04:51 PM

එතකොට අපේ ගව පට්ටිය පවත්වාගෙන යන්න සල්ලි තියෙනවද?

:       0       0

BamunuarachchiFriday, 13 January 2023 08:24 AM

චන්දෙ ගැන කතා කලත් මෙයා කතා කරන්නේ ගවපට්ටි ගැන. මම කට කසනවට නොවෙයි මස් කඩ කාරයෝ එළු පට්ටි බලපු හාදයෝ කියන්නේ.

:       0       2

Bamunuarachchi Friday, 13 January 2023 08:20 AM

නොදුන්නත් අපිට කමක් නැහැ. මොන ලාභයකටද ? මොන ප්‍රයෝජනයකටද? චන්දයට වියදම් කරන සල්ලි වලින් බෙහෙත් ගෙන්වන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site