
(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගු)
පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස අද නියෝග කලේය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්වරුන්ට මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙ දඩ මුදල මදි. මැරුනු එක මනුස්සයෙක්ගෙ වටිනකම මුදලින් මිල කරන්න බැහැ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨ තීන් දුවට ජාතියේ උපහාරය
සහල් පාරිභෝගිකයන්ට තමා අවසානයේ මේ වන්දිය ගෙවන්න වෙන්නේ. ඩඩ්ලි මල්ලී සහල් මිල ඉහල දමාවි.
තීරණය නම් හොදයි. ඒත ජන්දෙ ඉවර උනාට පස්සේ මොකක් වෙයිද දන්නැ. අනික මේ ප්‍රහාරය ට වග කිව යුතු තව සෙට් එකක් ඉන්නවා .. මුලු රටම දන්නවා ඒ කවුරුද කියලා.
මට තාමත් තියෙන ප්‍රශ්ණයක්. 95 වතාවක් පොලිසියට කෝල් කල ඉන්දීය බුද්ධි අංශ එක පාරක් වත් පල්ලියට කෝල් කරේ නෑ..? හරිම පුදුමයි නේ. ලංකාවේ ආයතන වල තත්ත්වය නොදැන ඉන්න ඉන්දීය බුද්ධි අංශයේ හිටියේ මන්ද බුද්ධිකයොද?
සූත්තර පුංචා ඒකෙනුත් බේරුනා එහෙනම්.
මේ අපරාධයේ මහමොල කරුවන් විසින් වන්දිය ගෙවා දමාවි. එයාලගෙ බජට් එකේ මේ සල්ලි වෙන් කරලා තියෙන්නේ.
ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න නම්, දේශපාලන බලය නැති වෙන්න ඕන. මේ කීප දෙනා විතරද මීට වග කියන්න ඕන. ඇයි දෙවෙනියා වරදක් කරලා නැද්ද. අධිකරණය ගැන මොකුත් කතා නොකර ඉමු.
ඔක්කොම එකතු වෙලා හරි වෙනවෙනම හරි අබියාචනාදිකරනයෙ ඇපීල් කරපු ගමන් සල්ලි එගොල්ලො ගාව නැහැ කියල එතකොට ප්‍රතිපලේ බලමුකො මොකද වෙන්නෙ කියල.
අධිකරණ තීන්දුවට හිස නමා ආචාර කරමු ... !!! එමෙන්ම ගරු අධිකරණයට හා විනිසුරුතුමන්ලාට ප්‍රශංසා වේවා.මේ වැනි දේශපාලනය විසින් ගිලගත් රටකට අරක්ගත් ඇතැම් දේශපාලන බහිරවයන්ට මේවා ඉතා හොඳ පාඩම්ය.
කලිසමා පොලිත් එක්කම ගෙවයි ලඟදීම.
අඩුම තරමේ අවුරුද්දක් වත් හිරේ දන්නා ඕන හිටන් ව .
සල්ලි දුන්නම හරිද?
වන්දිය මදි. මීට වඩා අය කලයුතුයි.
හොදයි වැලැක්කුවෙ නැති එවුන්ට මෙහෙමයි කියමුකො එතකොට කරපු එවුන්ට තීන්දුවක් නැද්ද? මේ සේරම ගේම් එකේම ප්ලෑන්.
කෝ රාජපක්ශලට දඩුවම්.. අ විතරද මුස්ලිම් - සිංහල මිනිසු අවුස්ල කර විනාශ
මෙම දඩුවම පිලිබදව කාදිනල් තුමාගේ මතය පවසනතුරු බලා හිදිම්.
බොහෝ දුරට දැන් මෛත්‍රී සේරම හැලි කරන්න ඉඩ කඩ තියනවා. මතක නේද මෛත්‍රී එක් අවස්තාවකදී කිව්වා ඔහුව හිරේ දැම්මුත් සේරම හැලි කරනවයි කියල. තවද බොහෝ දුරට මෛත්‍රී හැලි කරන්න ඉන්න අර ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවන් විසින්ම මෛත්‍රීගේ මිල්ලියන 100 ම ගෙවන්නත් ඉඩ කඩ තියනවා. බලමු ඉස්සරහට බලාගන්න පුළුවන්.
මාළුපාං වල මාළු නෑ වගේ පාස්කු නඩු තීන්දුවේ රනිල් නෑ
තරමක හෝ සාධාරණයක් ඉටු උනා. ඒ්ත් එ ජීවිතවලට සමකල හැකි මිලක් නෑ . අනික තව දොසපලකයෙකුටත් චෝදනා තිබ්බ. එත් මුක්තිය නිසා නීතිය වෙන්ස් උනත් හෘද සාක්සියෙන් ගැලවෙන්න බෑ.
එතකොට සල්ලි ගෙවලා බේරෙන්න පුළුවන්? වැරිදි කාරයන්ව හිරේ දාන්නේ නැද්ද? පුදුම තීන්දුවක්නේ?
දඬුවම මදි උනත් හොඳ තීන්දුවක්.
වැඩේ හරිම ලාබයි නේ... මරන්න හිටපු එකෙක් නිදහස් කරලා ගත්ත ගානෙන් හාරසීයක් මරපු වන්දිය ගෙවනවා.
ප්‍රජා අයිතිය අහෝසි කරල අවුරුදු 20ක් වත් හිරෙ යවන්න ඔන. සල්ලිත් අරගෙන.
පිටිපස්සේ ඉඳල වැඩේ අටවල දේශපාලන වාසි ලබාගත්තාය කියල කියපු අය දැන් හිනාවෙනවා ඇත්තේ කොයි පැත්තෙන්ද ?
"දැන දැන කිම බැඳෙනුයේ වරදේ ලොව කළ කළ දේ පල පල දේ..."
දැන් ඉතින් ඔය දඩ මුදල ගෙවන්නත් මුන් තව හොරා කන්න එපැයි, එවත් අන්තිමට රටෙ ජනතවටම තමයි ගෙවන්න වෙන්නෙ අවසානෙට.
මේකෙ හුඟක් අය දාන කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා .හැබැයි සමහරු නම් පිලිගන්නව තමන්ගෙ මොලේ කුඩාබව.
ඒ විතරක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය දැනගෙන තොරතුරු වසන්කළ හැමෝටම දඩුවම් දෙන්න ඕන. තාත්තා කියපු නිසා පල්ලි නොගිය අය. විශේෂයෙන්ම එවකට රටේ දෙවැනි පුරවැසියා විධිහට රනිල් මේ බව දැනගෙන හිටියේ නැද්ද? ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මේ බව දන්නෙම නැද්ද? බුද්ධි තොරතුරු ඒ අයට ගියේම නැද්ද ?
මියගිය හා ආබාදිතයන් වෙනුවෙන් ඔවුන් මෙම දඩමුදල මදි
මුන් ගෙවයි ලබ්බක්
ඔහු ඉතා අවංක දේශපාලඥයකු නිසා ඔහුට එතරම් මුදලක් නොතිබෙන්නට පුළුවන.
2015 දී යහ පාලනයයි කියා ගත් ආණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව මහා බලවතා වූ මෙයා බෙර ගසමින් ද කවි කියමින් ද රෑ දහයට නින්දට ගොස් පසුවදා පත්තරවලින් රටේ සිදුවන දේ දැනගත්තා යයි තමන්ම කියා ගනිමින් ද තනතුරට නොපෑහෙන ජෝගි නටමිනා තම රාජකාරි ඉතා සැහැල්ලුවට ගත් කෙනෙක් විනා තනතුරේ වගකීම් පිලිබඳ දැනුම්වත්ව සිටි කෙනෙක් නොවේ. මෙම විශාල අය කර ගැනීමේ තීන්දුව ඒ සා විශාල වග කීමේ තරම කියා පාන්නක් වන අතර අනෙකුත් වත්මන් දේශපාලකයනාටත් පෙර දැනුම්වත් කිරීමක්.
ඇනකොටා ගත්තේ කවුරුවත් ,පව් ගෙවන්න වෙලා තිබෙන්නේ සිංහල බෞද්ධයින්ට . හොහෙවත් ඉන්න එවූන් අපේ ඉඩමට ඇවිත් පාරම්පරික ආරවුල් පිරිමහගත්තාම අපි ආරවුල් බේරුවේ නැහැ කියලා අපිට දඬුවම්.
සිංහල බෞද්දයින් වෙනුවෙන් පලකරන අදහස් පළකරන්නේ නැහැ වගේ?
පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ලාට දඬුවම්ලු. තමන් වඳින්න පැමිණි බැතිමතුන් මේ පරහාරයෙන් බේරාගන්න ලෝකපාලක Almighty දෙවියන් වහ්සේ වත් උනන්දු උනේ නැහැ කියා තේරෙන්නේ මට විතරද? තවදුරටත් දෙවිපිහිට ඉල්ලන්නේ මොන ආපදාවකින් බේරෙන්නද?
හම්බයෝ සමග සංහිඳියාව හොයන්න ගිහිල්ල කෙලඋනා නේද? අන්තිමට හම්බයින්ට දඬුවම් කරන්න එපා කිව්වා. බෞද්ද අපි දඬුවම් ලැබුවා.
මිලියන 100 ගෙවන්න සල්ලි හොයා ගත්තෙ කොහෙන්ද කියලත් බලන්න වෙයි.
ජවිපේ ටොයියෝ ටික එකතු වෙලා ඒකත් මහින්දට පටවන්න හැදුවේ. දැනුත් ට්‍රයි කරයි ඒක කරන්න. මහින්ද කියන්නේ එයාලට ලොකුම අභියෝගය නිසා හතර වටින්ම මඩ ගහනවා හැබැයි වදින්නේ නැහැ. එහෙම කරපු සමහර අය දැන් පරලොව ගිහින්
ඔක කරපු එවුන්ට කවදාවත්ට්ඩ ඩුවම් දෙන්නෙ නෑ. එටකොට ඔක්කොම රජාල හිරෙ, චන්දෙ ලග නිසා මෙ තීන්දුව දුන්නෙ, කො එතකොට එදා හිටපු නියොජ්‍ය ආරක්ෂක ඇමති.
As the Commander in Chief the President is in charge of the entire defense system of the country. When he gets elected as the president it’s his duty to understand that. He should be held responsible for each and every terror attack during his presidency. On top of the fine he should also be given a jail sentence for a minimum period of 2 years.
ඩිස්ලයික් නම් මොනවද? රටම හැට නම ලක්ෂයක් දීලා පත් කරපු ජනාධිපතිටත් ගහලා පැන්නුවේ. ඒ නිසා වැඩි ගණන් තියන ඒවා ගණන් ගන්න බැහැ.
මුක්තිය නිසා බේරුනාට හරිවිධියට නම් ලොකුම ලොකු මහත්තයත් වින්දිතයන්ට වන්දි ගෙවන්න ඔින අනතුර වලක්වා නොගත්තට.
NOW SRI LANKANS SHOULD KNOW WHO IS RESPONSIBLE FOR NOT STOPPING THE ATTACK. WE KNEW WHEN IT HAPPENED WHO IS RESPONSIBLE.
බමුනො විතරක් නෙවෙයි, බමුණන්ගේ අාරච්චිලත් මේ රටින් පන්නන්න ඔ්න. එයාල තවමත් කරන්නෙ මහමොලකාරයාව බේරන්න මොකක්ද එක බේරාගෙන ඊට පල්ලෙහ එල්ලෙන එකෙන් වැඩ කරන වගයි. ඔවිවා හොඳයි කොන්ඉෙ බැඳපු චීනන්ට.
මෙච්චර කාලයක් බුඩිදියගෙනද හිටියෙ ??? මෙකත් මතිවරණ සුනාමියක් විතරයි !
වැරදියි. වත්ත අයිති කාරයා නෙමේ මුර කාරයයි උගෙ ගෝල බාලයොයි දඬුවම් විදිය යුතුයි. පඩි ගෙවලා වත්ත මුර කාරයෙකුට බාර දුන්නම ඌ දැනගන්න ඕනි අනුන්ගේ කුණු වත්තට නොගෙන වත්ත ආරක්ෂා කරන්න.
මහබැංකු හොරකමටත් කවදා හෝ ඔයවගේ දඬුවම් ලැබෙයි.
බිත්තර ආප්ප කාලා ගත්තු පට්ටමේ රඟ.
පුදුමයි , තව උවමනා කරන කෙනෙක්ව මගහැරුණ හැටි . ඒ තමයි මහා අලියා වෙන්න, එකතු වෙලා කුමන්ත්‍රණය කරපු කෙනා .
අලුතින්ම අහන්න ලැබුණු විග්‍රහයකට අනුව මෙසේ වරදකරුවන් වී දඩ නියමවූ උදවියට තමන්ගේ රැකියාවල්, විශ්‍රාම වැටුප්, විශ්‍රාම ගත් පසු ලැබෙන ගරු සරු වරප්‍රසාද පමණක් නෙමෙයි සමහරෙකුට මිය ගිය දා ලැබෙන රාජ්‍ය ගවුරවය පවා අහෝසි වෙන තත්වයක් ලු තියෙන්නේ. කට්ටියම නිකම්ම නිකම් මිනිස්සු බවට පත් වෙලාලු. ඔන්න රජකම් කලත් පලදෙන හැටි.