IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගල්වැව සිරි ධම්ම හිමිට නොතීසි

(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.

සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට මෙම සැකකාර හිමිනමට අවස්ථා දෙකකදී දැනුම් දුන්නද උන්වහන්සේ නොපැමිණී බවත්, විමර්ශනයට සහාය දෙන ලෙසට නියම කරමින් අධිකරණයෙන් ලබාදුන් ඇප කොස්දේසිය ද උන්වහන්සේ විසින් කඩ කරනු ලැබ ඇති බවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් එම ප්‍රකාශය ලබාගැනීමට තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

 



අදහස් (4)

ගල්වැව සිරි ධම්ම හිමිට නොතීසි

රදික Wednesday, 11 January 2023 09:53 PM

උවමනාව ඇතුලට යන්නයි. එතකොට නිදහස් කරන්න කියලා උද්ඝෝෂන කරන්න පුලුවන්

:       2       2

Bamunuarachchi Thursday, 12 January 2023 09:34 AM

මේ ජේවීපී සිවුරු කල්ලියේ හාදයෙක් . මෙයා අමුඩේ ගහගෙන ගොවි උද්ඝෝෂණවලත් ඉන්නවා

:       5       6

sharm warn Thursday, 12 January 2023 12:39 PM

මෙවත් ප්‍රවුර්ති ද?

:       0       0

fairoos Thursday, 12 January 2023 12:46 PM

මිනීමරුවෝ ,ස්ත්‍රී දූෂකයෝ සහ කඹ හොරු පාර්ලිමේන්තුවේ සැපට ඉන්නවා. අරගල කරුවෝ ඇතුලට දාන්න දඟලනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site