(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.
සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට මෙම සැකකාර හිමිනමට අවස්ථා දෙකකදී දැනුම් දුන්නද උන්වහන්සේ නොපැමිණී බවත්, විමර්ශනයට සහාය දෙන ලෙසට නියම කරමින් අධිකරණයෙන් ලබාදුන් ඇප කොස්දේසිය ද උන්වහන්සේ විසින් කඩ කරනු ලැබ ඇති බවත් ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ හේතුවෙන් එම ප්‍රකාශය ලබාගැනීමට තම කොට්ඨාසයට පැමිණෙන ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උවමනාව ඇතුලට යන්නයි. එතකොට නිදහස් කරන්න කියලා උද්ඝෝෂන කරන්න පුලුවන්
මේ ජේවීපී සිවුරු කල්ලියේ හාදයෙක් . මෙයා අමුඩේ ගහගෙන ගොවි උද්ඝෝෂණවලත් ඉන්නවා
මෙවත් ප්‍රවුර්ති ද?
මිනීමරුවෝ ,ස්ත්‍රී දූෂකයෝ සහ කඹ හොරු පාර්ලිමේන්තුවේ සැපට ඉන්නවා. අරගල කරුවෝ ඇතුලට දාන්න දඟලනවා