(මනෝප්‍රිය ගුණසේකර)
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත
ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක වීමට බාධා විය හැකි කිසිදු පියවරක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක්ද කොට ඇත
ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ එහි ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් කොට ඇත
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ තැන්පතු නැවත දැනුම් දෙන තුරු බාර නොගන්නා ලෙස උපදෙස් දෙමින් පසුගිය 09 වැනිදා රාජ්‍ය පරිපාලන” ස්වදේශ කටයුතු” පළාත සභා සහ පළාත පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාට කළ දැනුම් දීමකට අනුව පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් බාර ගන්නා ලෙස දැනුම් දෙමින් ඊට පෙර ඔහු විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවන ලද චක්‍රලේඛණය ආපසු කැඳවා ඇතැයි පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය එමඟින් පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් බාර ගැනීමෙන් වළකින ලෙස නියෝග කොට ඇතැයිද පෙන්වා දී ඇත
මේ තත්වය මත පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් තීරණය නිශේෂ වනු ඇතැයිද ජනතා නියෝජිතයින් පත් කර ගැනීමට ජනතාවට ඇති ස්වෛයරී අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතීයේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවත් පහරක් වනු ඇතැයිද පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීම තුළින් රට සහ ජනතාව කෙරෙහි බලපාන විනාශකාරී ක්‍රියාවලට හේතූ විය හැකි බවටද පෙන්වා දී ඇත
ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක වීමට බාධා විය හැකි කිසිදු පියවරක් නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙනසහ රජයෙන් ඉල්ලීමක්ද කොට ඇත
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයින්ගේ තැන්පතු බාර ගැනීම දිගටම කරගෙන යන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක්ද කොට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔබට ජනතාවගේ ආචාරය....
මේ ගොල්ලන්ගේ කනසල්ල ජනතාවට අදාළ නැහැ. ඡන්දක් පැවැත්වීමෙන් ජනතාවට ප්‍රයෝජනයක් නැත. මේ කරන්නේ ඒ ඒ පක්ෂ තමන්ගේ ජනප්‍රිය තාවය උරගා බැලීමයි. ඒ සඳහා මේ අවස්ථාවේ රටේ ධනය වැයකළ යුතු නැත.
ඡන්දයක් එපා කියලා උසාවි යන උන් ඉන්නේ ලංකාවේ විතරයි. මුන් එක්ක කොහොමද රට හදන්නේ?
කණස්සලු වෙන්න නෙවෙයි... ඔයගොල්ලෝ තමන්ගේ උගත් දේවල් වලින් මේකට පියවරක් ගන්න. ඔතන විස්සෝප වුණා කියලා මේ රටේ තියෙන තත්වය නවතින්නේ නැහැනේ..