ශාෆ්ටර්ගේ මරණය ගැන සොයන්න මහාචාර්ය අසේලට පැවරේ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් අද (26) පත්කරනු ලැබුවාය . 27 February 2023
අලුත් සන්ධානයක් ගැන හරීන්ගෙන් අනාවැකියක් තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 27 February 2023
විදුලි සේවකයෝ ලෙඩ වෙති විදුලි ගාස්තු ඉහළ දැමීම, විදුලි සේවකයින්ගේ දීමනා කප්පාදු කිරීම, සහ උපයන විට බදු ඉහළ යෑම ඇතුළු කරුණූ ගණනාවකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් අද (27) ලෙඩ නිවාඩු වාර්තා කර සිටිති. 27 February 2023
ස්වාධීන කොමිෂන් සභාවලට අයදුම්පත් 1600ක් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් 1600ක් පමණ ලැබී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 February 2023
පීඩාවට පත් ලාංකිකයන්ට සහය දෙන්න පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සියොල් නුවරදී පැවති ආසියා පැසිපික් කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමින් පැවසීය. 27 February 2023
රෙදි කඩේ ගින්නට බිලි මොරටුව නගරයේ ත්යාගභාණ්ඩ සහ නිමි ඇඳුම් වෙළඳස සැලක අද (27) අලුයම හදිසියේ වූ ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය. 27 February 2023
රුහුණේ තාක්ෂණ පීඨයේ වලියක් රුහුණු විශ්ව විද්‍යාලයේ කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ උප ශාලාධිපතිවරයා ඔහුගේ බිරිහ හා නැන්දම්මාට එහි සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් සමග ඇති වූ කලබලයක් හේතුවෙන් එම තාක්ෂණ පීඨය අද දහවල් 12 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි පීඨාධිපති මහාචාර්ය සුභාෂ් ජයසිංහ මහතා පවසයි. 27 February 2023
ළමා නිවාස පාලිකාවගේ සැමියා රිමාන්ඩ් රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලද දැරියන් 11 දෙනකු අපයෝජනයට ලක්කළේ යැයි කියන එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා ලබන 08 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා නියෝග කළේය. 27 February 2023
උඩමළුව විහාරයේ වාහන තුන ගැන විධිමත් වාර්තාවක් ඉල්ලයි අපවත්වී වදාල පල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධූරය දරමින් සිටියදී පරිහරණය කළ අනුරාධපුර අටමස්ථානයට (උඩමළුවට) අයත් අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන පරිහරණය කරමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර 27 February 2023
ලංවීම පෞද්ගලික බලාගාරයට කෝටි හය දාහක් පුදලා ලංකා විදුලිබල මණ්ඩලය කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික විදුලි සමාගම මිලදී නොගැනීමෙන් රජයට බරපතළ පාඩුවක් සිදුව ඇතැයි එස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම සම්බන්ධයෙන්වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වේ. 27 February 2023
පාලි සරසවිය යළි විවෘතයි වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අද (27) දින නිළ වශයෙන් ආරම්භ කළ බව එම විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් පැවසූහ. 27 February 2023
ඥාතී සීයාගේ පිහි ඇණුමෙන් මිනිපිරිය මරු තුරුලට රත්ගම ඕවකන්ද ප්‍රදේශයේ දි මවකට සහ දියණියකට ඥාතියකු විසින් එල්ල කළ පිහි පහරකින් දියණිය මියගොස් මව බරපතල තුවාල ලබා ඊයේ (26) රාත්‍රි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව රත්ගම පොලිසිය පවසයි. 27 February 2023
කුඹුරුවලට ’’පැරෂුට් ක්‍රමය’’ මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 February 2023
ප්‍රදේශ රැසකට වැසි නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 February 2023
සරසවි ඇදුරනට වසර 10 අධ්‍යන දීමනා කෝටි අටසියයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා පසුගිය වසර දහය ඇතුළත අධ්‍යන දීමනා වශයෙන් රුපියල් කෝටි අටසියයක් පමණ ගෙවා ඇති බව වාර්තා වේ. 27 February 2023
ශ්‍රීලංකා කණ්ඩායම නවසීලන්තයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් , එක් දින සහ T - 20 තරග සංචාරයක් සදහා අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ. 27 February 2023
ඉරානයේ බාලිකාවන්ට වස දීලා ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි. 27 February 2023
පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. 27 February 2023
ළමා නිවාස පාලිකාවගේ සැමියා දැරියන් 10ක් කෙළෙසලා රක්වාන ළමා නිවාසයක රැකවරණය ලබමින් සිටි තරුණියක් සහ දැරියන් දසදෙනකු වරින්වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එහි පාලිකාවගේ සැමියා රක්වාන පොලිසිය විසින් පෙරේදා 25 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 26 February 2023
‘‘කොක්කෙන් හෝ කෙක්කෙන් අපේ සටන දිනනවා‘‘ ජනතා අභිවෘද්ධිය සඳහා කොක්කෙන් හෝ කෙක්කෙන් පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමේ සටනින් ජයග්‍රහණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 26 February 2023
අවිස්සාවේල්ලේ මස් වැද්දා මාට්ටු අවිස්සාවේල්ල කරඳන වෑවිල පදිංචි කාන්තාවකට වෙඩි තැබීමට සඳහා යොදාගත් බව කියන ගිනි අවිය ඇතුළු ගිනි අවි 02 ක් සමගින් ජීව අත්බෝම්බයක් , හිස් පතොරම් කොපු සමඟ ’’මස් වැද්දා’’ නමින් හදුන්වන සැකකරුවකු සමගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 26 February 2023
අයියාගේ උගුලේ මල්ලි පැටලී මරුට ත්‍රී රෝද රථයේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලුනු පුද්ගලයකු මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි. 26 February 2023
සංචාරක මඟ පෙන්වන්නා කුඩුත් සමග මාට්ටු විවිධ වර්ගයේ මත්ද්‍රවය විශාල ප්‍රමාණයක් සමග සංචාරක මඟ පෙන්වන්නකු මැදකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 අයකු බව පොලිසිය කියයි. 26 February 2023
ජාජබට එල්ල කළ ප්‍රහාරය සජිත් හෙළා දකී ජාතික ජන ජනබලවේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දැක තිබේ. 26 February 2023
නිවහල් පෙරමුණ වැඩ අරඹයි ’’අභිනව නිවහල් පෙරමුනේ’’ සමාරමිභක උත්සවය අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පුජා පවත්වමින්, දැවැන්ත ධජයක් යන්තුනුශාරයෙන් ඔසවා එහි සියළු වැඩ කටයුතූ ආරම්භ කළේය . 26 February 2023
දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි. 26 February 2023
ජාජබ විරෝධයට එක් වූ 20ක් රෝහලට ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය 26 February 2023
ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 26 February 2023
විරෝධය වළක්වමින් කොළඹ මාර්ග කිහිපයක් වහයි ජාතික ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන වළක්වමින් පොලිසිය මාර්ග කීපයක්ම වසා දමයි. 26 February 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026