
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.
අනතුරුව පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා පනතේ වගන්ති සභාව හමුවේ කියවීය.
අල්ලස් දූෂණ වැරදි සඳහා නඩු පැවරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම, දූෂණ ක්‍රියා වැලැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණය නැති කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති අතීතයටද බලපාන අයුරින් ක්‍රියාවට නැංවීමට කටයුතු කොට ප්‍රථමයෙන්ම,පාර්ලිමේන්තුවේ සිටින වංචා දූෂණ කළ දේශපාලකයන් හට දඬුවම් නියම කළ යුතුය.එසේම,එම වංචාවන්ට හා දූෂණයන්ට එරෙහිව හඬ නඟන රටවාසීන්ට දඬුවම් දීමට කටයුතු කරන ප්‍රති ත්‍රස්ත පනතද අකුලාගත යුතුයි.
පනත තියෙයි පොතේ , හැබැයි ගැහිල්ල පරන විදියටම යයි
පනත් පෙට්ටගමට දාන්න... අලුත් පනතක්...