
(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහි විරෝධතා පවත්වමින් පොදු දේපළට හානි කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පැවරූ නඩුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේ එම නඩුකරය හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර සැකකරුවන්ට අධි චෝදනා ලබාදීම මෙම 16 වැනි දා කරන බවට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා දැනුම් දුන්නේය.
සියලු සැකකරුවන්ට එදින හම්බන්තොට මහාධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.
මෙම නඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවෝ හතළිස් එක් දෙනෙක් සිටිති.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන මහත්වරුන් සමග විත්තිකරුවෝ 35 දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.
මෙම නඩුවට අදාළ 6,11,13,29,31, යන විත්තිකරුවන් පස්දෙනා අධිකරණයේ පෙනී නොසිටි හෙයින් වරෙන්තු නිකුත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd